මිගමුව යළිත් කලු සල්ලි පාලනය යටතට!

0
143

bribery-1newමැතිවරණ කොට්ඨාස 7 ක් ජයගෙන අතිරේක ලයිස්තුවෙන්ද මන්ත්‍රීධුර 9ක් ලැබ සිටි පොහොට්ටුව ඉතිරි මන්ත්‍රීධුර සියල්ල මුදල් බලය මගින් සපුරාගෙන මිගමුව මහනගරසභාවේ බලය ලබාගෙන ඇත.
මේ අනුව දයාන් ලංසා ඡන්ද 25 ලබාගෙන නගරාධිපති ලෙසින් පත්ව සිටි.
එජාපයට ලැබි තිබුනේ ඡන්ද 19කි.මිගමුව තුල ජන්ද කොට්ටාශ 29 න් 19 ක් ජයගෙන තිබුනේ එජාපය විසිනි.එය තුනෙන් දෙකක ජයග්‍රහණයකි.
එහෙත් මේ සියල්ල දැන් කලු සල්ලි බල මහිමයෙන් උඩුයටිකුරු කර ඇත.
මිගමුව තුල කිසිදු දුෂිත පාලනයකට කිසිදු සහයක් නොදෙන බවට ලේවලින් ප්‍රතිඥා දුන් ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් අතරින් එය රකින්නට හැකිව තිබුන එකම මන්ත්‍රීවරයා වුයේ ශ්‍රිලනිප සංවිධායක ලලිත් ටෙන්සිල් පමණි.
ඉතිරි 5 දෙනාම සිය ලේ ප්‍රතිඥාව පාවාදි ඇති අතර ලේ වලින් අත්සන් නොතැබු ලංසා පවුලට මරාන්තික විරෝධයක් දක්වා සිටි ශ්‍රිලනිප සමසංවිධායක සකාවුල්ලා මේ සියලු පාවාදිම් මැද සිටින ප්‍රමුඛයා බවට පත්ව ඇතැයි මිපුර අමතා පැවසු එජාප ජේෂ්ඨ ක්‍රියාකාරීකයෙකු අවධාරණය කර සිටියේය.
ඒ සිය නායිකාවක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ නියෝගයටද පවා පිටුපා යමින් බවද තවදුරටත් කියා සිටියේය.