මිගමුව රෝහලේ පරික්ෂණ සඳහා රුධිර සාම්පල ගැනිමේ ප්‍රමාදයක් ?

0
274

මිගමුව රෝහලේදි විවිධ පරික්ෂණ සඳහා රුධිර සාම්පල ලබාගැනිමේදි දැන් වෙනදාට වඩා ප්‍රමාදයක් ඇතැයි රෝගීහු මැසිවිලි නගති.එයට හේතුව වි ඇත්තේ වෙනදා හෙදියන් දෙදෙනෙකු විසින් සිදුකළ මෙම සේවාව මේ වන විට එක හෙදියක විසින් සිදුකරමින් තිබිම නිසායැයි මිපුර අමතා කථා කළ රෝගියෙකු කියා සිටියේය.

රෝගීන්ට සිදුව ඇති මේ අපහසුව ගැන අදාල බළධාරින්ගේ අවධානය යොමුවේ යැයි අප විශ්වාස කරමු.