මිගමුව රෝහලට ඇතුලත් කළ ආසාදිතදැයි සැක රෝගින්ගේ PCR පරික්ෂණ ප්‍රමාද උනේ ඇයි ????

0
80

NGB hospitalමීගමුව රෝහලට ඊයේ දිනයේ ඇතුලත් කොට තිබුණ මිනුවන්ගොඩ රෝගින් 21 දෙනාගෙන් 07 දෙනෙකු කොරෝනා ආසාදිතදැයි සැක රෝගින් වෙනුවෙන් ස්ථාපිත කළ විශේෂ වාට්ටුවලට ඇතුලත් කොට තිබුණි.
වාර්ථා වන අන්දමට මෙම රෝගින්ගේ PCR පරික්ෂණ කොළඹ යැවිම අද කෙසේ හෝ ප්‍රමාද වි තිබේ. ඊයේ දිනයේ ඇතුලත් කරන්නට යෙදුන මෙම රෝගින්ගේ  PCR පරික්ෂණ සාම්පල කොළඹට යවා තිබුනේ අද පෙරවරුවේදිය.
සමාන්‍යයෙන් පසුගිය කාලය තුල පෙ.ව 5 පමණ වන විට මේ සාම්පල කොළඹට යැවිම සිදුව තිබුනද මේ තිරාණාත්මක මොහොතේදි එය පමා වි ඇති බවක් පෙනේ.
මිගමුව රෝහලේ වෛද්‍ය අධිකාරිතුමියක් සිටියදිම  රෝහලේ එක්තරා බලපුලුවන්කාර විශේෂඥ වෛද්‍යවරයෙකුගේ  මැදිහත්විම මත මධ්‍යම පළාතේ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක තනතුර බලාගෙන සිටි අයෙකුව වෛද්‍ය අධිකාරිවරයා ලෙසින් පත්කරන්නට දේශපාලන සහය ලබාගෙන තිබුණද මේ වන විට එකි වෛද්‍ය අධිකාරිවරයා මාරුවි ගොස් තිබේ.එබැවින්ම මේ වන විට මිගමුව රෝහලේ ආදාල තනතුර හිස්ව තිබේ.
තමන්ගේ පුද්ගලික උවමනාවන් වෙනුවෙන් රෝගි ජිවිත සමගින් දඟර නැටුම් දාන අය සැබැවින්ම මිගමුව රෝහලට දැනටමත් කර ඇත්තේ  බරපතල හානියකි.
රට මුහුණ දි තිබෙන මේ තිරාණාමක මොහොතේදි එහි බරපතලකම කා හටත් ඉතා හොදින් පැහැදිලි වනු ඇත