මිගමුව රෝහලට ඩෙංගු රෝගීන් 2574 ක් ඇවිල්ලා ?

0
103

මේ වසර ආරම්භයේ සිටම විවිධ වසංගත තත්වයන් දිවයින පුරා ව්‍යාප්ත වීම සිදුවිය. ඒ අතරින් වඩාත් භයානක තත්වයෙන් ව්‍යාප්ත වීම සිදුවුයේ AH1N1 හා ඩෙංගු යන ද්විත්වයයි. එම තත්වයන් නිසා දිවයින පුරා වටිනා ජීවිත රාශියයක් විටින් විට අහිමි වන සිදුවීම් අපට දැනන්නට ලැබිණි.
මේ වසර වන තෙක් කිසිදු ඩෙංගු මරණයක් වාර්ථා නොවූ මීගමුව රෝහලේද ඩෙංගු මරණ කිහිපයක් සිදුවිය. ඩෙංගු රෝගය සදහා හොදයැයි ජනතාව අතර සම්මතයක් මීගමුව රෝහල වෙත ඇති වී තිබීම හේතුවෙන් රෝගීන් විශල ප්‍රමාණයක් මීගමුව මූලික රෝහල වෙත ප්‍රතිකාර ලබ ගැනීම සදහා පැමිනීම සිදුවේ.
වර්ෂාව අඩු කාලයකට පසු විටින් විට වර්ෂාව ඇද හැලීම නිසා ඩෙංගු වසංගත තත්වය තවතවත් සීඝ්‍රයෙන් ඉහල යනු ඇතැයි සෞඛ්‍ය බලධාරීන් මේ වන විට සැක පල කර ඇති අතර එම සැකය සනාථ කරමින් මේ වසරේ (මැයි මස 18 වනදින තෙක් පමණක්) මැයි මාසය තුල ඩෙංගු රෝගීන් 522ක් මීගමුව රෝහලේ ඩෙංගු රොගීන් ලෙස අැතුලත් වී ඇත.
පහතින් දැක්වෙන්නේ මේ වසරේ මුල සිට මීගමුව රෝහලට ඇතුලත් වූ ඩෙංගු රෝගින් සංඛ්‍යාව පිලිබදව වන සටහනකි.

    මාසය                         රෝගීන් ගණන
ජනවාරි                         532
පෙබරවාරි                     313
මාර්තු                             560
අප්‍රේල්                            647
මැයි                                 522 (මැයි 18 වනදා දක්වා පමණි.)මේඅනුව මුලු ගණන 2574කි.

පහතින් දැක්වෙන සටහින් දැක්වෙන්නේ එසේ ඇතුලත් වූ රෝගීන් සංඛ්‍යාවෙන් මීගමුවෙන් වාර්ථා වූ රෝගීන් ප්‍රමණයයි.  

             මාසය                      රෝගීන් ගණන
ජනවාරි                      123
පෙරවාරි                     95
මාර්තු                          126
අප්‍රේල්                         218
මැයි                             202 (මැයි මස 18වනදා දක්වා පමණි.)මිගමුව රෝහලට දරාගත නොහැකි අන්දමින් සිදුවෙමින් ඇති මේ ඩෙංගු අර්බුදයේදි හැකි සැමගේ සහය රෝහලට අවැසිව ඇත්⁣තේ රෝහල් පරිපාලනය සහ කාර්ය මණ්ඩලය ගෙන යන ඒ අභියෝගාත්මක මෙහෙයුමට සහයක්ම පිණිසය.