මේ සම්බන්ධයෙන් මිගමුව රෝහලේ පරිපාලන නිළධාරිණියගෙන් අප විමසා සිටි අවස්ථාවේදි ඇය කියා සිටියේ ඇය එවැනි සිදුවිමක් ගැන කිසිවක් නොදන්නා බවය.
රෝහලක් තුල සිදුව ඇතැයි කියන එවැනි සිදුවිමක් ගැන පරිපාලනය නිළධාරිනිය කිසිවක් නොදන්නවා යැයි කිමම බරපතල තත්වයකි.
මේ ගැන රෝහල් අධ්යක්ෂකවරයා මෙන්ම පරිපාලන නිළධාරිණිය වහා මැදිහත්ව විපතට පත් පාර්ශවය යුක්තිය ඉටුකළ යුතුව තිබේ.
මේ අතර රෝහලේ පිරිමි සේවයකයෙකුට ලිංගික හිරහැරයක් කරන්නට ගිය චෝදනාවක්ද වේ.
දේශපාලනඥයන්ගෙන් පත්විම ලැබ මිගමුව රෝහලට පැමිණි බිමතින් හැසිරෙන තැනට නොගැලපෙන චරිත ගැන රෝහල් බලධාරින් තවදුරටත් නිහඩද ?
ඒ කාට බයේද ?මේ අතර පවිත්රතා අංශයේ ඇතැම් සේවිකාවන්ට කොමල පාන තවත් අය ගැනද වාර්තා වේ.තනතුරටත් නොගැලපෙන මෙවැනි දේවල් ගැනද දැන් රෝහලේ කනිටු සේවකයන් ප්රසිද්ධියේම කතාකරන්නට පටන් ගෙන ඇති බවද සැලය.