මිගමුව වි/සේවා සමූපාකාර අධ්‍යෂකවරයාට චෝදනා ?

0
321

මීගමුව විවිධසේවා සමූපාකාර සමිතියේ වර්ථමාන අධ්‍යක්ෂකවරයාට සමූපාකාර සමිති  රීති මාලාවට පටහැනිව ක්‍රියාත්මක වෙමින් අධ්‍යක්ෂක්‍ධූරය හා නියෝජ්‍ය අධ්‍යක්ෂකධූරය දැරීම සම්බන්ධයෙන් චෝදනා චෝදනා රැසක් සමිති සාමාජිකයන් විසින් එල්ල කරන ලදී.  මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සමූපාකාර කොමසාරිස්වරයා විසින් සමූපාකාර අධ්‍යක්ෂකවරයාට එරෙහිව ඇති මෙම චෝදනා සම්බන්ධයෙන්   කරුණු  දක්වන ලෙසට 2017.02.08 වනදා ලිපියක් එවා ඇති බව වාර්තා වේ. මෙහිදී මතුකර ඇත්තේ වර්තමාන අධ්‍යක්ෂකවරයා පනතට පටහැනිව ,සොෆ්ට් වොච් ඉන්ෆොසිස් ආයතනයේ සාමාන්‍යඅධිකාරී ලෙස හා ජේ්‍යෂ්ඨ කළමණාකරු වශයෙන් සේවය කරමින් සිටියදි  මීගමුව විවිධසේවා සමූපාකාර සමිතිය සදහා පරිඝනක මිළදීගැනීම් වලට මෙම සොෆ්ට් වොච් ආයතනය සම්බන්ධ කරගැනීමයි. මෙහිදී සමූපාකාරයේ අධ්‍යක්ෂකධූරයට නුසුදුසු ලෙස සිය පුද්ගලික ව්‍යාපාර කටයුතු වලට සමූපාකාරය හරහා අාදායම් ඉපයීම සිදුකොට ඇති බවට තිබෙන මෙම චෝදනා සදහා විරෝධතා ඉදිරිපත් කරන ලෙස අධ්‍යක්ෂකවරයාට දන්වා ඇති අතර එසේ සිදුනොකළහොත් සමූපාකාර සමිතියේ කාරකධුරයට ,අධ්‍යක්ෂකධූරයට හා උපසභාපති ධූරයට තේරීපත්වීමට නුසුදුස්සෙකු ලෙස සලකන බවට ද මෙම කොමසාරිස්වරයා විසින් දැනුම් දී තිබේ. co-opcity