මිගමුව සන්සුන් !

0
73

cardianla 2(10.10 pm ) මිගමුව නරගය තුල මතුවු අවාසනාවන්ත තත්වය ඊයේ රාත්‍රිය වන විටම මුුළුමනින්ම පාලනය කොට තිබුණි.අද දිනයේත් ඇදිරි නිතිය වැටෙතැයි සිතුවද මේ වන විට  මිගමුව මුලු මනින්ම සන්සුන්ය.
අද උදෑසනින්ම මිගමුවේ පෝරුතොටටත් අනික් ප්‍රදේශයවලටත් පැමිණි කාර්දිනල් තුමන් මුස්ලිම් ආගමික නායකයන් ඇතුලු මුස්ලිම් ප්‍රජාව හමුවිමටත් ඔවුන් අත්විදන ලද පිඩාවන් ගැන දැකබලාගන්නටත් කටයුතු කලේය.
රාත්‍රිය දැන් සන්සුන්ය.
කිසිදු සිදුවිමක් මේ වනතුරුත් වාර්තා වි නැත.
අවශ්‍ය තැන් සියල්ල ආවරණය වන පරිදි උපරිම හමුදා ආරක්ෂාව යොදවා ඇති බව ප්‍රදේශවාසිහු පවසා සිටිති.
ඊයේ සිදුවිම්වලට සම්බන්ධ පුද්ගලනයන් දෙදෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පිරිසක් අත්අඩංගුවට ගැනිම සදහා හදුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර ඇත.
ඊයේ රාත්‍රියේ කලහකාරි ලෙසින් හැසිරුනු ඇතැමෙකු මංකොල්ලකෑම්ද සිදුකර ඇතැයි පෙරියමුල්ල ප්‍රදේශයෙන් වාර්ථාවේ.