
මිගමුවේ දේශපාලකයන් අති බහුතරයකට අවශ්‍ය වි ඇත්තේ ජනතාවට සේවය කිරිමට නොව ඒදා වේල සොයාගැනිම වෙනුවෙන් මාටියා ගැහිලි නිර්මාණය කර ගැනිමටය.
ඒ් වෙනුවෙන් කොන්ක්‍රිට් කර ඇති පාරවල් යළිත් කඩා දමා කොන්ක්‍රිට් කිරිමට පවා ඇතැමු වංචනිකයන් කටයුතු කරමින් සිටිති.
මිගමුව උප නගරාධිපති ෆරිස් විසින් මේ ආකාරයෙන් කොන්ක්‍රිට් කර ඇති පාරක් අද පෙරවරුවේ බැකෝ දමා කඩා දමමින් සිටියදි මිගමුවේ විපක්ෂයේ සුප්‍රකට 7 කල්ලියේ නාගරික මන්ත්‍රි කණ්ඩායාමේ කපිල නන්ද සුලෝචන සහ රෝෂාන් ප්‍රනාන්දු හට මාට්ටු වි තිබේ.
පසුගිය දිනවල මිගමුව නාගරික මන්ත්‍රි සංගීත් පෙරේරා විසින් හෙළිකර සිටියේ මිගමුවේ මහනගර සභාවේ නාගරික මන්ත්‍රින්ගෙන් 70 % ක් ගරු මන්ත්‍ර්‍රිලා නොව හොරු මන්ත්‍රිලා බවය.
සංගිත් නියෝජනය කරන එජාපෙ මිගමු ආසන සංවිධාකයා විසින් කැපුන්ගොඩ ප්‍රදේශයේ කාණුවක් තමන්ටද සම්බන්ධ කම් ඇති සමිතියක් මගින් ප්‍රමිතියෙන් තොරව ඉදිකර තිබියදි ඒ සදහා මුදල් ගෙවිමට නොහැකි යැයි කි තාක්ෂණික නිලධාරි ඉසුරු නැමැත්තාට මැර තර්ජනය කළ පුවතක්ද අප පසුගියදා පළ කළෙමු.