මිගමු එජාප මන්ත්‍රිලාට එරෙහිව විනය පරික්ෂණ අද ….

0
62

එජාපෙන් නාගරික මන්ත්‍රි වරුන් ලෙසින් පත්ව පසුගිය මැතිවරණ වලදි සමගි ජන බලවේගයට ගිය එජාප මන්ත්‍රිවරුන්ට එරෙහිව විනය පරික්ෂණ අද (25) දිනයේ පැවැත්විමට නියමිත බව වාර්තාවේ..

මෙසේ සජිත් ප්‍රේමදාසගේ දෑත් ශක්තිමත් කිරිමට ගිය මිගමු එජාප නාගරික මන්ත්‍රින් බහුතරයක් පසුගිය කාලය තුල ජනතා විරෝධිව හැසිරෙමින් ලංසා පවුල හා ඉතාමත් සමිප සම්බන්ධතා ගොඩනගා ගනිමින් කටයුතු කරමින් විවිධ වරප්‍රසාද ලැබු බහුතරයකින් සමන්විතය.එජාප තීරණයට එරෙහිව යමින් මිගමු මහනගර සභා අයවැයේදි නගරාධිපති දයාන් ලංසාට පක්ෂව කටයුතු කර තිබුනි.

මේ අතර ලංසා පවුලට සමිපව කටයුතු කරමින් සිටින එජාප විනය කඩකළ ඇතැම් නාගරික මන්ත්‍රිලාව බේරාදෙන ලෙස රාජ්‍ය ඇමති නිමල් ලංසා එජාප ප්‍රබලයෙකුගෙන් ඉල්ලිමක් කර තිබුන බවද මිගමු එජාප ප්‍රධානියෙකු මිපුරට හෙළිකර සිටියේය .
එමෙන්ම ලංසා පවුලට ඉතා සමිප හිතවත්කම් දක්වන ඇතැම් එජාප නායකයන්ද දයාන් ලංසාට අයවැයේදි පවා අත් ඔසවා සහය පළකළ සජිත් මොහාන් වැන්නෙකු බේරා ගැනිම සදහා කුට උපායන් සැලසුම් කරමින් සිටි බවටද මේ වන විටත් චෝදනා එල්ල වෙමින් තිබේ.