මිගමු කලපුවට තෙල් කාන්දුවිම වැලැක්විමට පියවර ගැනේ …

0
170
මේා්ය කටට ඔයිල් බූම් එක එලිමට කටයුතු අරඹමින්

මාංකුලිය පාලමට යටින් එලා ඇති ආරක්ෂිත වැට ..

ගිනි ගන්නා නැවේ යම් තෙල් කාන්දුවක් සිදුවන්නේ මිගමුව කලපුවට ඒ තෙල් ඇතුලුවිම වැලැක්විම සඳහා නාවික හමුදාව ,වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව දැවැන්ත මෙහෙයුමක් පසුගිය දින කිපය තුල දියත් කර තිබුණි.
එහි ප්‍රථිපලයක් ලෙසින් මේ වන විට කලපුවට තෙල් කාන්දුවිම වැලැක්විමට ආරක්ෂක දැල් 3 ක් ස්ථාපිත කොට තිබේ.
ඔයිල් බූම් ලෙසින් හදුන්වනු ලබන පළමුවැන්න මිගමුව කොතලාවල පාලම යටින් වතුරේ බස්සවා තිබේ.
අනික මාංකුලිය පාලම යටත් තෙවැන්න කුට්ටිදුව ගම්මානය අසල මෝය කටේත් ස්ථාපිත කොට තිබේ.
ඒ අනුව ඇතිවිය හැකි තෙල් කාන්දුවකදි කලපුව රැකගැනිමට මේ ආකාරයෙන් පිළියම් යෙදි තිබේ.