මිගමු කලපුවේ වැලි ජාවාරමට එරෙහිව මිගමුවේදි විරෝධතා !

0
82

වැලි ජාවාරම 6මිගමුව කලපුව හැරිමේ නාමයෙන් කරගෙන යන වැලි ජාවාරමට එරෙහිව මිගමුවේ කලපු ධිවරයෝ අද පිටින දුව හංදියේදි විරෝධතාවයකට එක්ව සිටිති.
ඔවුන් මේ කලපු හැරිමේ සංවර්ධන ව්‍යපෘතිය ගැන පැහැදිලි විවේචනයක් ඉදිරිපත් කරමින් කියා සිටින්නේ මේ දක්වා හැරිම නිසා සිදුව ඇති කිසිදු සෙතක් නොමැති බවත් කලපු පරිසරය විනාශ වි ඇති බවත්ය.
කලපුව හැරිම තුලින් ගනු ලබන පස් විවිධ දේශපාලකයන්ගේද සහය ඇතිව දැන් විකිණිමේ ජාවාරමක් බවට පත්ව ඇතැයි ඔවුන් චෝදනා කරති.