මිගමු කලපු දූපත් වල් වඳුරෝත් බඩගින්නෙලු ?

0
156

FB_IMG_1587875581508( 10.15 am ) මීගමුව කලපුවේ දුපතකට මීට අවුරුදු ගානකට කලින් කෙනෙක් රිලව් ජෝඩුවක් ගෙනත් දාල
දෙන්නගෙන් බෝ වෙලා දැන් රිලව් සැහෙන ප්‍රමාණයක් ඉන්නවා
දෙස් විදෙස් සංචාරකයින්ව බෝට්ටුවලින් ගෙනිහින් පෙන්නන අයට මේක ලොකු පිටුවහලක් උනා
Monkey island කියල නමකුත් ඒ දුපතට පටබැඳුණ
ඒ දුපතේ කඩොලාන ගස් වලට අමතරව වෙන කිසිම ගහක් වැවෙන්නේ නැහැ
මේ කොරෝනා ප්‍රශ්නෙන් රිලව් ටිකත් අසරණය්
කන්න දේකුත් නැහැ,බොන්න වතුරත් නැහැ
මේ ගැන අපිට කිව්වේ පීරිස් මහත්මයා
එයා බෝට්ටු සංචාර ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෙනෙක්
එයාට ලස්සන බෝට්ටුවක් තියෙනවා
එයා ඉන්නෙ කටුනායක (එයාගේ දුරකථන අංකය 0779534064)
ඉතින් අපි අද උදේ 6 වෙනකොට අඹ ,කෙසෙල්,කොමඩු වතුර සහ පාන් අරගෙන එයාලව බලන්න ගියා
එයාල හරිම බඩගින්නේ හිටපු බව පෙනුනා
ඔයාලටත් පුළුවන් වෙලාවක යන්න
හරිම ලස්සන තැනක්
(මාබිම සහෘද පිටුවෙනි)