මිගමු ගිනි නිවන ඒකකයටත් කොරෝනා !

0
45

මීගමුව ගිනි නිවන ඒකකයේ කොරෝනා වෛරසය ආසාදිත වු ගණන 10 ක් වි ඇතැයි වාර්තා වේ. ගිනි නිවන ඒකකය තුල පවතින ආකාර්යක්ෂම පාලනය හේතුවෙන් මේ ආකාරයෙන් කොරෝනා වෛරසය සේවකයන් අතර පැතිර යමින් ඇතැයි වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගැනිමට ඇත.

රාජ්‍ය ආයතනයකට අදාල බොහොමයක් පරිපාලන රෙගුලාසි ‌මෙම ගිනි නිවන ඒකකය තුල ක්‍රියාත්මක නැති බව මේ වන විට රටටම ඔප්පු වි හමාරය.

මේ සම්බන්ධයෙන් ඇති මෑතම උදාහරණය වුයේ මිගමුව ගිනි නිවන ඒකකය තුල පැවැති මත්පැන් සාදයයි. මෙම සාදයට මිගමුව නාගරික කොමසාරිස්වරිය මෙන්ම මිගමුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ ප්‍රධානින්ද ඉජිනේරු ඒකකයේ ප්‍රධානින්ද ඒක්ව සිට ඇතැයි සැලය.