මිගමු ධිවරයන්ට වැල්ලත් අහිමි වෙන ලකුණු ????

0
139

මීගමුවේ ධිවරයන්ට මෙන්ම ඔවුන්ගේ ප්‍රජාවටද අනාදිමත් කාලයක සිට භාවිතා කරන ලද වැල්ල පවා නැතිවෙන තැනට දැන් මිගමුවේ පාලකයෝ කටයුතු කරමින් සිටිති.
මේ පාලකයන්ට සාමාණ්‍ය ධිවර ජනයා අවැසි වන්නේ මැතිවරණ සමයන්හිදි පමණි. ඉන් අනතුරුව අවශ්‍ය වන්නේ ලොකු ලොකු සල්ලිකාරයන්ය.
පසුගිය දා මිගමුවේ ප්‍රධාන මාතෘකාව වු නගරාධිපති දයාන් ලංසා පහර කෑමේ සිදුවිමට පවා මුල් නිමිත්ත වි තිබුනේ වැල්ල පිළිබද ප්‍රශ්ණයයි.


අනාදිමත් කාලයක සිට මිගමුවේ ධිවරයන් මෙන්ම ධිවර ප්‍රජාවද සිය සියළු අවැසිතා නිදහසේ සපුරා ගත්තේ වැල්ල ආශ්‍රිත කොට ගෙනය.
එහෙත් පසුගිය කාලය තුල මේ වැල්ල දැන් හෝටල්කරුවන් විසින් අයිතිකරගෙන ඇත.අඩුම තරමින් ධිවර පවුල්වල දරුවන්ට නිදහසේ සෙල්ලම් කිරිමේ අයිතියටත් දැන් මේ හෝටල්කරුවන් විසින් සිමාපනවන්නට පටන් ගෙනය.
මිගමුවේ ප්‍රධාන පුරවැසියා පෙනි සිටිය යුතුව තිබුනේ අතිබහුතරයක් වන ධිවර ජනයාගේ අයිතිය වෙනුවෙන් වුවද ඔහු එදා කුඩාපාඩුව වැල්ලේදි ගත්තේ හෝටල්කරුවාගේ පැත්ත බව කුඩාපාඩුව වැසියෝ පවසති.
එබැවින් ධිවරයන්ගේ වැල්ලේ අයිතිය වෙනුවෙන් අඛණ්ඩ අරගලයක් කිරිමට දැන් ඔවුන්ට සිදුව ඇත.