ඉන් අනතුරුව ක්‍රියාත්මක වු නගරාධිපති දයාන් ලංසා ඔහුට සමිප තවත් පිරිසක් කැදවා වර්ග අඩියක බිම් කඩක් රු 200 බැගින් ලබාදිමට පියවර ගෙන තිබුනේ එය නගරාධිපති විසින් නිතියට අනුව සිදුකර ඇති බව පෙන්වාදිමට විය යුතුය.
මේ අනුව රු 200 බැගින් වර්ග අඩියක බිමක් කඩක් ගත් මේ පිරිස ඊට වඩා වැඩිමිළකට වෙනත් වෙළදුන් හට දැන් අලෙවි කරමින් තිබෙන බවද කියැවේ.
කෙසේ වෙතත් මහසභාවේ අනුමැතියකින් තොරව නගරාධිපතිවරයාට හිතුමතේ මේ බිම්කඩවල් අලෙවි කළ නොහැකි බව මීපුර අමතා කථා කළ නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේය.
ඔහු තවදුරටත් කියා සිටියේ නත්තල් කඩ සදහා බිම්කුලියට ලබාදිමට කිසිදු තින්දුවක් මහසභාවකදි නම් නොගත් බවය.
තතු එසේ නම් නීතියට පිටින් ගොස් සල්ලි හමබ්කරග්නට යැයි නගරාධිපති දයාන් ලංසාට උපදසේ දුන්නේ ජනපති ගෝඨාබය රාජපක්ෂදැයි අපට දැන් අසන්නට සිදුව තිබේ.
ඒ මන්දයත් නව ජනපතිවරයා පළාත් පාලන ආයතන වල කිසිදු දුෂණයක් සිදුවන්නට ඉඩනොදෙන බව අවස්ථා ගණනාවකදි අවධාරණය කර තිබියදි මීගමුවේ ඒවා සිදුවන්නේ ඇයිදැයි පොහොට්ටු සමාජිකයන්ම දැන් අසා සිටින බැවිනි.
මේ සියළු අයථා ගණුදෙනු පිළිබදව ඉදිරියේදි නව ආණ්ඩුකාරවරියටද ඉදිරිපත් කිරිමට පුරවැසියන් පිරිසක් කටයුතු කරමින් සිටින බවද වාර්ථාවේ.
වියත්මග සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිණියක වන විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙවෙල දැනටමත් පළාත් පාලන ආයතනවල දුෂිත කටයුතු ගැන අවධානයෙන් සිටින බවද ඇයට සමිප ආරාංචි මාර්ග දක්වා සිටි.