මිගමු නගරාධිපති ඉඩම් මංකොල්ලයක.මන්ත්‍රීලාටත් තර්ජන..

0
187

මිගමුව මහනගර සභා⁣වේ ලංසා පවුල් පාලනය මේ වන විට මිගමුවේ නගරයේ වානිජ වටිනාකමින් ඉහල ඉඩම් කිපයක්ම විකිණිමට සහ බදුදිමේ කුමන්ත්‍රණයක නියැලි සිටිති.

මිට මාස කිපයකයට ඉහතදි මිගමුවේ බස්නැවතුම ආසන්නයේ කැල්ටන් ආයතනය පිටුපස ඉඩම විකිණිමේ සැලැස්මක් දියත් විය.දැන් තවත් ඉඩමකි.

ඒ දළුවකොටුව ප්‍රදේශයේ ඉහලම වානිජ වටිනාකමකින් යුතු ඉඩමකි.එය වසර 20කට බදු දිමට ලංසා පවුල ප්‍රමුඛ පිරිස සුදානම් වෙමින් සිටිති.

මෙයට එරෙහිව බදු ගෙවන ජනයා වෙනුවෙන් කතා කළ නාගරික මන්ත්‍රීලාට මහ සභාව පැවැත්වෙමින් තිබියදිම අමු කුණු හරුපෙන් බැනවැදිමට මිගමුව නගරාධිපති දයාන් ලංසා කටයුතු කර තිබේ.⁣ෙ

මෙය⁣ට එරෙහිව මිගමුවේ ප්‍රගතිශිලි විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ මුලිකත්වයෙන් මිගමුව නගර මධ්‍යයේ මාධ්‍ය හමුවක්ද පැවැත්විණි.