මිගමු නගරාධිපති ගන්න යන ලක්ෂ 7 කැමරාවට විපක්ෂයේ විරෝධය ..(විඩියෝ )

0
117

මීගමුව මහනගර සභාව දැවැන්ත මුල්‍ය අර්බුදයකට මුහුණ දි ඇති බව මහසභාවේදි ප්‍රසිද්ධියේම නාගරික කොමසාරිස්වරිය විසින් කියා තිබුණද , ඇය විසින් මේ වන විට මිගමුව නගරාධිපති දයාන් ලංසා හට පරිහරණය කිරිමට රුපියල් ලක්ෂ 7 කටත් වඩා වටිනාකමින් යුත් සුපිරි කැමරාවක් මිළට ගැනිමට අවැසි කටයුතු සම්පාදනය කොට දි තිබේ.


මෙම කැමරා කථාව පසුගිය මහ සභාව ඉදිරිපත් වු අවස්ථාවේ ජනතාවගේ පැත්තට සිග්නල් දමා ලංසා පවුල පැත්තට හැරවු එජාප මන්ත්‍රින් පිරිසක්ද පක්ෂව ඡන්දය දි තිබුණ බව සැලය.රටක් නගරයක් සැබැවින්ම දරුණු වසංගත අර්බුදයකට මුහුණ දි තිබියදි කැමරාවක් වෙනුවෙන් ලක්ෂ 7 ක් වැය කරන්නට යමෙකු අත් ඔසවන්නේ නම් ඔහු සෑබෑ ලෙසම ජනතා ද්‍රෝහියෙකි.
ඒ අනුව එජාපයේ සිටින මේ ජනතා ද්‍රෝහින් කව්දැයි පැහැදිලිවම ජනතාව විසින් හදුනාගත යුතුය
මේ අතර එජාපය ද ප්‍රමුඛ විපක්ෂයේ යම් මන්ත්‍රින් පිරිසක් මෙම මුදල් කාබාසිනියා කරන නගරාධිපකිගේ කැමරාව යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණි.