මිගමු නගර පාලනය යනු දෙවිපිහිටයි,බුදුසරණයි කියල ගහගත්තු හොර හරක් පැටවු ලොරියක් !

0
633
තෝරා බීඩි මුදලාලිගේ ක්ල්බ් එකට එලිය දෙන්න අනවසර කඩ කඩන නගරාධිපති දායන් ලංසා

.

පසුගිය  පලාත්පාලන  මැතිවරණයේදී   මීගමු  නගරසභා  ඡන්දයේදී   වැඩි  ඡන්ද  ලබාගත්තේ   එ. ජා. ප. ය  බව  අපි  දනිමු. කොට්ටාශ 29 න්  ඔවුන්  කොට්ටාශ  19 ක් ජයගත්තේය..  පොහොට්ටුවෙන්  තරඟ කළ  අය  ලබාගත්තේ  කොට්ඨාශ  7ක පමණි.ඉන් ඉතා පැහැදිලිය කියැවුනේ මිගමුවේ සැබැ ජනමතයයි.එහෙත් මේ සෑබෑජනමතයට වෙට්ටු දමා කප්පම් මත,වරදාන මත  නගරසභාවේ  බලය  පිහිටුවා  ගත්තේ    පොහොට්ටුවේ    කණ්ඩායමේ  දයාන්  ලංසා  ඇතුළු  පිරිසයි.  එය  මහදවල්  මංකොල්ලකෑවේ  සල්ලි  බලයෙන්  බවත්  අප  දනිමු.  මේ  නගරයේ  මෙකී  සල්ලි  බලය  මත  සිදුකරන  දේවල්  එමටය.    උදේ  අවසර  නැතැයි  කියා  නතරකළ  ගොඩනැගිල්ල  හවස  හදන්නේ  සල්ලිවල  බලයෙනි.  දළුපත   ගල්කටුව  පාරේ  ගොඩනැගිල්ලක්   ඉහතකී  කාරණය  සනාථ කරන  එක්  උදාහරණයකි.

අනවසර කඩවලින් වටවුණු තෝරා බීඩි මුදලාලිගේ ක්ලබ් එක
අනවසර කඩවලින් වටවුණු තෝරා බීඩි මුදලාලිගේ ක්ලබ් එක

පසුගිය  දිනවල   මීගමුවේ  රාත්‍රිපොල  පවත්වන  පාරේ   ඇති  සමාජශාලාවක්   පිළිබඳව   තැනින්තැන  ඇසෙන  කසු කුසු පැවැති  අතර  නගරසභාවේ  ප්‍රධාන  පුරවැසියාගේ  නම  නිතර  ඇසෙන්නට  විය.  එයට  හේතුවූයේ  දැන්  සිටින  නියෝජ්‍ය  නගරාධිපතිවරයාද  මැදිහත්වී  දුම්රිය  දෙපාර්තමේන්තුවට  අයිති  පාරට  යාබදව  ව්‍යාපාරිකයින්  පිරිසකට  අනවසරයෙන්  හදන්නට   ඉඩදුන්   කඩ  පේලියක්  මෙකී  අනවසර  බව  මතුකරමින්  කඩා  ඉවත්කිරීම  පිළිබඳවයි.  මෙපමණ  කාලයක්  ඔවුන්  ව්‍යාපාර  කටයුතු  කළේ  අනවසරයෙන්  බව  මීගමුව  නගරසභාවේ  නගරාධිපති වරයා  නොදැන  සිටියා  නොවේ.

තෝරා බීඩි මුදලාලිගේ ක්ල්බ් එකට එලිය දෙන්න අනවසර කඩ කඩන නගරාධිපති දායන් ලංසා

නගාරාධිපති දයාන් ලංසා අනවසර කඩ කඩපු ඇත්ත හේතුව දැන් පැහැදිලියි

ඔහු  හීනෙන් අවධිවූවාසේ  පැමිණ  මෙය  අනවසරයැයි  කියමින්  එම  කඩ  ඉවත්කිරීමට  හේතුව  දැන්  හොඳටම  පැහැදිළිය.  මෙහි සැබැ යටි අරුත නොදත් ඇතැම් පුද්ගලයන් නගරාධිපති අනවසර ඉදිකිරිම් ඉවත් කරන වීරයෙකු සේ සලකා බුකියේ හුරේ දැම්මෝය.එහෙත් අප ඉතා නිවරදිව එදාත් කියා සිටියේ  මේ අනවසර ඉදිකිරිම් ඉතා පැහැදිලිව   තෝර බීඩි  මුදලාලිගේ  සමාජශාලාවට  කලඑලියක් ලබාදිම සදහා මිස අන් කිසිවක් නිසා නම් නොවන බවය.අප එදා ඉතාමත් නිවරදිව කියු දේ දැන් සත්‍යයක්ම වි ඇත.

දැන් තෝරා බිඩි මුදලාලිගේ සමාජ ශාලාවට පෙනුමක් පමණක් නොව රථ ගාලක්ද ලැබි තිබේ.ඇතුළුවන  ස්ථානය  ලෙස  භාවිතා  කරයි.  එසේම    ඔහුට  රථ ගාලක්ද   සැකසී  ඇත.  මෙම  බලය  එන්නේ  සල්ලි  වලින්  බව එම    අසාධාරණයට   ලක්වූ  අය  පමණක්  නොව  කව්රුත්  දනිති.

ග්‍රීන්පාක්   භූමියට  අයිති  කඩවලටද  සිදුවූයේ  මෙවැනිම  සන්තෑසියකි.  අයියා  අවසර දුන්  ස්ථාන  මල්ලී  විසින්  කඩා  ඉවත්කරන  ලදී.මහා  අපුලක්  දනවන  මෙම  ක්‍රියා  සිදුවන්නේ    අපේ  නගරයේ  ඉහලම  තැනින්ය.  ඒනිසා  සියළු  රජයේ  ආයතන  සහ  එම  නිලධාරීන්   මේ  සියල්ල  ඉවසා වදාරන  බව  මහජනතාව  නොදන්නේ  නොවේ.  හොර  හරක්  පැටවූ  ලොරිවල “  නමෝ  බුද්ධාය ,දෙවිපිහිටයි.බුදුසරණයි යනුවෙන්  දැන්වීමක්  එල්ලා  ගෙන සිටියද   පටවාගෙන  යන්නේ  හොරහරක්  බව    අපි  දනිමු.  මිගමුව නගර පාලනය යනු හොර හරක් පැටවු ලොරියක් යැයි අප කියන්නේ එබැවිනි.