මිගමු නාගරික කොමසාරිස්වරියගේ ටෙන්ඩර් වංචාවක් හෙළිවේ! ?

0
101

NGB-commisionar-1(7.00pm )මීගමු නාගරික කොමසාරිස්වරිය දැන් නගරයේ වංචා දුෂණ ගැන ප්‍රධාන පුවත් මවන්නිය බවට පත්ව තිබේ.මෙවර ඇගේ නම ගෑවි ඇත්තේ දැවැන්ත ටෙන්ඩර් වංචාවකටය.බිච්පාක් ටෙන්ඩරය මෙවර ලංසා පවුල වෙත ලබා දි තිබුනේ ටෙන්ඩර් කැදවිමකින් තොරවමය.එය එහෙම පිටින්ම පළාත් පාලන නීතිය උල්ලංඝනය කිරිමකි.දැන් අර්බුදය තවත් උත්සන්නව ඇත්තේ මෙවර බිච් පාක් ටෙන්ඩරය සදහා රු.ලක්ෂ 30ක් ලංසුවක් සහිත ටෙන්ඩර් ඉල්ලුම් පතක් ලියාපදිංචි තැපෑලෙන් මහනගර සභාවට ඒවා තිබිම තුලය.එය අදාල ටෙන්ඩර් ඉල්ලුම්කරු විසින් ලියාපදිංචි තැපෑලෙන් පසුගිය 29වනදා තැපැල් කර තිබුන අතර 30වනදා එය කොමසාරිස්වරිය අතට පත්වු බවට මුද්‍රාසටහන්හිද සදහන්ය.එහෙත් මේ ටෙන්ඩර් ඉල්ලුම් කොමසාරිස්වරියගේ කාමරයේ සිට ගණකාධිකාරිවරයාට යාමට දින 5ක්ද ඉක්මවා තිබුණි.එනම් ලංසා පවුලට ටෙන්ඩරය ලබාදුන් මේ මස 5 වනදායින්  පසුව මෙම ලිපිය ගණකාධිකාරිවරයා වෙතට යවා තිබිමය.මෙය පැහැදිලිවම අදාල ටෙන්ඩර් කරුට ටෙන්ඩරය අහිමි කිරිම සදහා කොමසාරිස්වරිය විසින් ඉතා සැලැසුම්ගත අයුරින් සිදුකරන ලද කුමන්ත්‍රණයක් බව දැන් ඉතා පැහැදිලිය.මේ වන විට මේ වංචාව පිලිබදව පළාත්පාලන කොමසාරිස්වරිය දක්වාම යොමුව ඇතිබවද සැලය.