මිගමු නාගරික කොමසාරිස්වරිය පොහොට්ටුවේද.?

0
59

මීගමුවේ නාගරික කොමසාරිස්වරිය දිගින් දිගටම රාජ්‍ය සේවයට නිගාදෙමින් හැසිරෙන්නේ රාජ්‍ය නිළධාරිණියකට වඩා පොහොට්ටුවේ අයෙකු ලෙසය.තවත් නිශ්චිතව කියන්නේ නම් ලංසා පවුලේ අයෙකු ලෙසිනි.

මෙසේ කියන්නට ආසන්නතම හේතුවක්ද තිබේ.වාර්තා වන අන්දමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු අද නාගරික කොමසාරිස්වරිය හමුවිමට ගොස් තිබුනේ නගාරාධිපති දයාන් ලංසා විසින් අයවැයට විරුද්ධව ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ට පාසැල් දරුවන් සඳහා ලබා දෙන අභ්‍යාස පොත් ලබා නොදිම ගැන විමසා සිටිම සඳහාය.එහිදි නාගරික කොමසාරිස්වරිය මේ විපක්ෂ මන්ත්‍රිවරුන්ගෙන් විමසා සිටියේ අයවැයට විරුද්ධව ඡන්දය දුන්නේ ඇයිදැයි කියාය.එසේ කටයුතු කරමින් දැන් පොත් ඉල්ලා සිටිම ගැනද ඇය කියා තිබේ .රාජ්‍ය නිළධාරිනියකට නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් විසින් ගත් දේශපාලන තින්දුවක් ගැන එලෙස විමසිමට ඇති අයිතිය කුමක්ද ?
අප කාලයක් තිස්සේ ඇය ගැන හෙළිදරව් කරමින් සිටින්නේ සැබැවින්ම ඇය රාජ්‍ය සේවයටම සිදුකරමින් සිටින බරපතල අවමානය ගැනය.මෙසේ කරන්නේ ඇයට පුද්ගලිකව ලැබෙන වරදාන කිපයක් නිසාය . එපමණක් නොව ඇය විසින් දැනට සිදුකරමින් සිටින මෙහි සටහන් තැබිය නොහැකි දැ සම්බන්ධයෙන්ද ලැබෙන විවිධ ආවරණයන් නිසාද ඇය දේශපාලන පවුලක වහලියක බවට පත්ව සිටි

සැබැවින්ම රාජ්‍ය නිලධාරිණයකට ඒ ආකාරයෙන් පාක්ෂිකව කටයුතු කළහැකිද?ඇය සැබැවින්ම මිගමුව වැනි මහනගර සභාවක කොමසාරිස් ධුරය දරන්නට ප්‍රමාණවත් සුදුසුකම් නැති අයෙකි.ඇය තුන්වෙනි පංතියේ කොමසාරිස්වරියකි( සැබැවින්ම ඇගේ වැඩද තර්ඩ් ක්ලාස්ය)ඇයගේ පුද්ගලික වරදාන වෙනුවෙන් මේ ආකාරයෙන් ලංසා පවුලට කඩේ යන තත්වයකට පත්ව සිටි.රාජ්‍ය සේවය ගදගස්සමින් සිටින මෙවැනි නිළධාරීන් මිගමුවටම පිළිලයන්ය.