මිගමු නාගරික මන්ත්‍රිලා ඇන්ටිජන් පරික්ෂණය මඟහරියි ? 48 දෙනාගෙන් පැමිණ ඇත්තේ 6 යි ?

0
280

මීගමුව මහනගර සභාවේ නාගරික මන්ත්‍රිවරුන් වෙනුවෙන් විශේෂයෙන්ම සංවිධානය කර තිබුණ කොවිඩ් ඇන්ටිජන් පරික්ෂණය සදහා අද පැමිණ තිබුන බව වාර්තා වන්නේ නාගරික මන්ත්‍රිවරුන් 6 දෙනෙකු පමණි.

නගරාධිපති ඇතුළු 48 දෙනෙකු මේ සදහා සභභාගිවිය යුතුව තිබුණද 42 දෙනෙකුම මේ පරි්ක්ෂණය මඟහරිමින් එයට පැමිණ තිබුනේ නැත.මෙසේ නොපැමිණි 42 දෙදෙනා අතර නගරාධිපතිවරයාද වන බව වාර්තාවේ.

මේ ආකාර නොසැලකිලිමත් ප්‍රතිචාරයක් ලැබි ඇත්තේ මිගමුව තුල තවදුරටත් කොරෝනා ආසාදිතයන් වැඩියෙන් හමුවෙමින් අති පසුබිමකය.
මිගමුව මහනගර සභාවේ නගාරික මන්ත්‍රිවරුන් දෙදෙනෙකුටද මෑතකදි කොරෝනා ආසාදනය වි තිබුණි.