මිගමු නියෝජ්‍ය නගරාධිපති ෆරිස් පොහොට්ටු පක්ෂයේ ක්‍රියාකාරිකයෙක්ද ?

0
89

Faris2020 මහ මැතිවරණය වෙනුවෙන් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මීගමුව ආසනයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද දින ආරම්භ කල අතර නියමිත සෞඛය උපදෙස් අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පක්ෂ ක්‍රියාකාරී හමුව පවත්වන ලද බව මිගමුව නගරධිපති දයාන් ලංසා විසින් සිය Face book පිටුවේ සටහනක්  තබා තිබේ.
එහි ඇතුලත් කර ඇති ඡායාරූප අතර මිගමුව නියෝජ්‍ය නගරාධිපති ෆරිස් ද සිටි.
ඒ අනුව පෙනි යන්නේ මේ වන විට ඔහු ශ්‍රිලනිපය හැරදමා පොහොට්ටු පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු බවට පත්ව ඇති බවද ?
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රිලංකා නිදහස් පක්ෂයෙන් පොහොට්ටු ලයිස්තුවේ සිටින එකම අපේක්ෂකයා වු ලසන්ත අලගියවන්න පොහොට්ටු දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග සිටින වේදිකාවට ගොඩ විම ගැනද පසුගිය කාලයේ යම් මතහේද පැවැති බව වාර්ථා විය.
කෙසේ වෙතත් ෆරිස් යනු දේශපාලනිකව දෝලනය වන චරිතයක් ලෙස බරපතල විවේචනයක්ද තිබේ