මිගමු මන්ත්‍රිවරයෙක් හා T.O කෙනෙක් අතර වලියක් ?

0
383

මීගමුව මහනගර සභාවේ කුප්‍රකට තාක්ෂණික නිලධාරියෙකු වන රන්මුතු නැමැත්තා හා පොහොට්ටු නාගරික මන්ත්‍රි දයාල් නිලංග අතර අද පෙරවරුවේ ගැටුමක් හට ගෙන තිබේ.

ඒ දයාල් නිලංග මන්ත්‍රිවරයා විසින් ඔහුගේ ප්‍රදේශයේ විදුලි බුබුළු වල නඩත්තු කටයුතු කිරිමට යොදාගෙන තිබුනද නගරාධිපති දයාන් ලංසාගේ කුප්‍රකට බඩියෙකු ලෙස සැලකෙන රන්මුතු විසින් නිලංග මන්ත්‍රිවරයාගේ ඉල්ලිම ප්‍රතික්ෂේප කර තිබිමයි.
වාර්තා වන අන්දමට රන්මුතු පවසා ඇත්තේ ඔහු ලයිට් හදන්නේ නාගරාධිපති දෙන නියෝග අනුව පමණක් බවය.

මේ සමබ්න්ධයෙන් මිපුරට අදහස් දක්වා සිටි මිගමුවේ ජේෂ්ඨ මන්ත්‍රිවරයෙකු කියා සිටියේ රැකියාවක් කිසි දිනක නොකළ කිසිදු නිශ්චිත ආදයම් මාර්ගයක් නැති නගරාධිපති දායන් ලංසා කෝටි ගණන් වලින් නිවසක් ඊට නොදෙවෙනි අන්දමින් රන්මුතුලාද ගෙවල් කෝටි ගණන් ගෙවල් හදන්නට වැය කර ඇති බවය.

එබැවින් බලයට ඒමට දයාල් නිලංගලා වැදගත් වුවද කොමිස් ගැහිල්ල යහමින් කරගෙන යන්නට වඩාත් වැදගත් වන්නේ නිලංගට වඩා රන්මුතු යැයිද ඔහු කියා සිටියේය .