මිගමු ”ලෙල්ලමකට” භාරකරුවෙකු පත්කරන්නැයි උසාවි නියෝගයක්

0
504

මිගමුවේ මංකුලිය දූව පිටිපන ප්‍රදේශයේ ප්‍රධාන ලෙල්ලම් තුනක් තිබේ.මින් එකක් වන්නේ බලයා ටුනා වැනි ලොකු මසුන් අලෙවි කරනු ලබන ලෙල්ලමයි මෙය අයත් වන්නේ සමුපාකාරයටය..අනික් ලෙල්ලම වන්නේ පිටිපන දූව මීසමට අයත් පෙට්ටි මාලු ( පිටපළාත් වලින් ගෙන එන මාළු )අලෙවි කරනු ලබන ලෙල්ලමයි. තෙවැනි ලෙල්ලම වන්නේ පිටිපන ම්සමේ එක්සත් ධිවර සමිතියට අයත් යැයි දවසේ මාළු විකුණන ලෙල්ලමයි.

දැනට කලක පටන් පිටිපන එක්සත් ධිවර සමිතියේ අයිතිය පිලිබදව මෙම ලෙල්ලම අරභයා ගැටලු රැසක් මතුව තිබුණි.ඒ කොළඹ පදවියේ අගරදගුරු හිමියන් සමගින්ය.

කෙසේ වෙතත් මෙම ලෙල්ලමේ පාලනය භාරකරුවෙකු යටතට ඔහුට භාර දෙන ලෙසට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසටද පැමිණිලිකාර කොළඹ අගරදගුරු හිමිපාණන් විසින් සිය පැමිණිල්ල මඟින් ඉල්ලා සිටි ඇත.

එම අතුරු නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් දිසා විනිසුරුවරුන් කිහිප දෙනෙක් ඉදිරියේ දීර්ඝ සාක්ෂි විමසීමක් පවත්වන ලද අතර එහිදී පැමිණිලිකරු වෙනුවෙන් ගරු සිස්වාන් ජේ කෲස් පියතුමා, එම්. වින්සන්ට් ජර්මන්, ඩබ්. ඒ ස්ටීවන් සහ ඩබ්. ජේ මාර්ටින් ප්‍රනාන්දු යන අය සාක්ෂි ලබාදෙන ලදී ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබුණි..

විත්තිකරුවන් වෙනුවෙන් පළවන විත්තිකරුද, ඩබ්. ගානිස් ප්‍රනාන්දු , එල්. සී. රොෂාන් සහ ඒ. ඒ. පීටර් සිල්වා යන අය සාක්ෂි ලබා දි ඇති බව වැඩිදුරටත් එම පුවතේ සඳහන්ය.

එම දීර්ඝ සාක්ෂි විමසීමෙන් පසුව මීගමුව දිසා විනිසුරු මෙම අතුරු නියෝග නිකුත් කරන ඇත.

පැමිණිලිකාර කොළඹ අගරදගුරු හිමි වෙනුවෙන් නීතීඥ ධම්මික සිල්වා ගේ උපදෙස් මත නීතීඥ රුක්ෂාන්ත අල්මේදා සමඟින් ජ්‍යෙෂ්ඨ නීතීඥ වරුණ සේනාධීර පෙනී සිටින ලදී.

විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ ෂර්ලි අමරසේකර ගේ උපදෙස් මත නීතීඥ කුමාරි පීරිස් සමඟින් ජ්‍යෙෂ්ඨ නීතීඥ ආචාර්ය සුනිල් කුරේ පෙනී සිටි බව ලංකාදිප පුතේ සඳහන්ය.

කෙසේ වෙතත් මේ පිළිබදව පිටිපන එක්සත් ධිවර සමිතියේ සභාපති අරුණ රොසාන්ත ගෙන් මේ පිලිබද අදහස විමසා සිටියද එයට යහපත් ප්‍රතිචාරයක් තවමත් ලැබි නැත.