මිගමු වැල්ල යළිත් ජනතා අයිතියට?

0
292

(9.30am) මිගමු වැල්ල කියන්නේ මිගමුවේ විතරක් නෙමේ පිටපළාත්වලින් පවා මිගමුට ආපු පරම්පරා ගානක සුන්දර මතකයන් සහිත අපුරු තැනක් . ඒ හැමෝටම මිගමු වැල්ල ගැන කියන්න කථා එමටයි .

නමුත් මේ සුන්දර වැල්ල දැන් කරවල වේලන තැනක් බවට පත්වෙලා. මිගමු වැල්ල කියන එක විනාශ වෙලා.IMG 20250102 084749

කරවල වේලන්න දැන් විකල්ප යෝජනා සැලසුම් කරල මිගමු වැල්ල යළිත් වරක් ජනතා අයිතියට පත්කරනවා නම් දැන් තමයි වෙලාව. පවුලක පුද්ගලික උවමනාවන් වෙනුවෙන් මිගමුවේ සම්පත් පරිහරණය කරන්නට බලය තිබුන කාලය දැන් හමාරයි. ඒ හින්ද නව රජය කඩිනමින් මිගමුව වැල්ල යළිත් ජනතා අයිතියට පත්කිරිමට පියවර ගත යුතුයි.

පහුගිය දවසක මිගමුවේ වැල්ල ගැනත් මාළු කඩේ ගැනත් බලන්න ඇමතිවරුම දෙන්නෙක් ඇවිත් හිටියා.ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති වගේම මිගමුව සංවර්ධන කමිටුවේ සභාපතින් එයාලම තමයි.

මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ ප්‍රධානින්වත් කරවල වේලන වැල්ලට කැදවලා තිබුනා.IMG 20250102 084653

මේ වැල්ලේ කරවල වේලන එක විතරක් නෙමෙයි තවත් නිති විරෝධි ඉදිරිකිරිම් එහෙමත් පහුගිය කාලේ පුරාම සිද්ධ වෙලා  තිබුණ.කරවල නිෂ්පාදකයෝ හරියට දැන් මේ වැල්ල පාවිච්චි කරන්නේ එයාලගේ පුද්ගලික බූදලයක් වගේIMG 20250102 085112

හැබැයි මිගමුව ගැන හොදටම දන්න අයට තමයි මේකට මැදිහත්වෙන්න පුලුවන්.  පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයට මිගමුවෙන් ඡන්දේ ඉල්ලපු වෛද්‍ය හෙන්රි රොසාරියොත් හිටියා.IMG 20250102 084854

කොහොම උනත් ඊළඟ සංවර්ධන කමිටු රැස්විමට මිගමුව වැල්ල යළිත් ජනතා අයිතියට පත්කරන්න පුලුවන් වැඩපිළිවෙලක් හැදෙයිද කියල බලමුකෝ .

මිගමුව වැල්ලට ආදරේ කරන අයගේ යෝජනා චෝදනා ඊළග කමිටුවට යොමුකරන එක වැදගත්. වැඩේ පටන් ගමු කියල තමයි හැමෝගෙන්ම ඉල්ලන්න වෙන්නේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here