මිගමු හෘද රෝග ඒකකය පටන් ගන්න බැරි හේතුව හෙළිවෙයි ?

0
230
IMG 20191204 WA0014 1024x768 1

පරිත්‍යාගශිලින්ගේ විවිධ අනුග්‍රහයන් මත දැනට කලකට පෙර වැඩ නිමවා ඇති මිගමුව හෘද රෝග ඒකකයේ වැඩපටන් ගැනිමට තවමත් නොහැකි වි ඇත්තේ හෙද කාර්ය මණ්ඩය හිගය නිසා බව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.

මිගමුව රෝහලට දැනටමත් අනුමත වි ඇති හෙද කාර්ය මණ්ඩලය කඩිනමින් ලබාගැනිමට අදාල බළධාරින් පියවර ගන්නේ නම් නම් හෘද රෝග ඒකකය ආරම්භ කිරිමට ඇති බාධාවන් ඉතා පහසුවෙන්ම ඉවත් කරගත හැකි වනු ඇත.

සැබැවින්ම මේ සම්බන්ධයෙන් රෝහලේ අධ්‍යක්ෂකතුමිය වැඩි වගකිමකින් කටයුතු කළ යුතුව තිබේ.


මේ අතර දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගින්ගේ අඩුවක් පෙන්නුම් කරන තත්වයක් තුල මිගමුව රෝහලේ කොරෝනා වාට්ටු 2 කට අනුයුක්ත කර ඇති හෙද කාර්යමණ්ඩලය ප්‍රශස්ත ලෙසින් කළමණාකාරණය කරගැනිමට අධ්‍යක්ෂකතුමිය පියවර ගන්නේ නම් හෘද රෝග ඒ්කකය ඇරඹිමට ඒය තවත් පහසුවක් වනු ඇත.

නිදසුනක් ලෙස පසුගිය දිනවල මිගමුව රෝහලේ කොරෝනා වාට්ටු 2 ක තුල ප්‍රතිකාර ලබාගන්නා රෝගින් ගණන 22 වෙද්දි ඒහි සේවයට යොදවා ඇති හෙද කාර්ය මණ්ඩලයේ ප්‍රමාණය 21 ක් බව වාර්තාවේ.

කෙසේ වෙතත් දැන් රෝහල් අධ්‍යක්ෂක තුමිය වෙත ප්‍රබල වගකිමක් පැවරි ඇති බව නම් ඉතා පැහැදිලිය.
2017 වසරේ මිගමුවේ ඩෙංගු තත්වය උත්සන්නව පැවති සමයේ අධ්‍යක්ෂවරිය ලෙසින් කටයුතු කළ වෛද්‍ය නිලන්ති පතිරණ රෝහලේ පවතින සියළු සම්පත් නිසි ලෙසින් කළමණාකරණය කරමින් කටයුතු කළ ආකාරය සැබැවින්ම ප්‍රශස්තය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here