මිණුවන්ගොඩ නගරයේ අවලස්සන මැතිවරණ ප්‍රචාරණවලට තිත තැබේ!

0
270

මිනුවන්ගොඩ නගර මධ්‍යයේම පිහිටා තිබුණු මෙම තහඩු වැට කාලයක සිට පෞද්ගලික පන්ති ගුරුවරුන්ගේ දැන්වීම් පෝස්ටරයේ සිට ප්‍රදේශයේ ජනයාගේ මරණ දැන්වීම් පෝස්ටරය දක්වා විවිධාකාර වූ පෝස්‍ටර ඇලවීමේ දැන්වීම් පුවරුවක්  වී තිබුණී.

2024 ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමගම තහඩු වැටේ අයිතිය ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරවන තෝතැන්නක් බවට පත්ව අතර  සමහර අපේක්ෂකයින්ගේ නම , මූණත්තඩහුව හා ලාංඡනය තහඩුව මත කොපමණ කාලයක් ප්‍රදර්ශනය කරනවා දැයි යන්න තීරණය වූයේ ඔවුනොවුන්ට ඇති හයිය මතයි.මේ නිසාම අවලස්සනකමේ ප්‍රතිමූර්තියක් බවට මෙය පත්වීමට වැඩි කාලයක් ගත නොවීය.

මේ තහඩු වැටේ පරම අයිතිකරු මිනුවන්ගොඩ නගර සභාවයි.එය යමෙකු තමන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් භාවිතා කරන්නේද, එය රජය සතු දේපළ අවභාවිතයකි. මැතිවරණ සමයක රජයේ දේපළක් අවභාවිතා කිරීම තහනම් නිසාම මැතිවරණ නීතිය ඉහළින්ම රකින ආයතන වෙත මේ පිළිබඳව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ (TISL) මැතිවරණ නිරීක්ෂණ ජාලය අවස්ථා කිහිපයකදී ම පැමිණිළි කළ ද ඉන් ඵලක් සිදු වූයේ නැත.

ඉන්පසු, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ (TISL) මැතිවරණ නිරීක්ෂණ ජාලය විසින්   නැවතත් සිදුකරන ලද  ඉල්ලීමකට අනුව මිනුවන්ගොඩ නගර සභාවේ විසින් මේ වනවිට එහි වූ පෝස්ටර සේවකයන් ලවා ගලවා ඉවත් කරන ලදී.  ඉන්  පසුවත් නැවත නැවතත්  ප්‍රබල අපේක්ෂකයන් කිහිප දෙනෙකුගේ රුව තහඩු වැටේ ඇලවී තිබිණි. මේ සම්බන්ධයෙන් නැවතත් ක්‍රියාත්මකවූ   (TISL) – ටී.අයි.එස්.එල් නිරීක්ෂණ ජාලය, මිනුවන්ගොඩ නගර සභා ලේකම්තුමිය සමග සාකච්ඡා කරමින්, අදාළ තහඩු වැට නගර සභාව සතු දේපලක් නිසාම එය අවභාවිතා කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දී ඇති අතර  ඒ අනුව ක්‍රියාත්මක වූ ගරු ලේකම් තුමිය, අදාළ තහඩු ආවරණය මුළුමනින්ම ගලවා කිසිවෙකුටවත් දැන්වීම් ප්‍රදර්ශණය කරමින් රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමට හෝ නගරය අවලස්සන කිරීමට තිබූ අවස්ථාව සම්පූර්ණයෙන්ම නැති කර දැමීමට පියවර ගෙන ඇත.

මැතිවරණ කාලසීමාවේදී අපේක්ෂකයන් සිය ප්‍රචාරණ පෝස්ටර්ස් ප්‍රදර්ශණය කරන සෑමවිටකම නගර සභා සේවකයන් ලවා හෝ පොලීසිය ලවා ඒවා ගලවා ඉවත් කිරීම ඵලදායි ප්‍රායෝගික කටයුත්තක් නොවන අතර, ඒ සඳහා විශාල බරපැනක් වැයකිරීමට ද සිදුවේ. එබැවින්, රාජ්‍ය සේවකයෙකු ලෙස මිණුවන්ගොඩ නගර සභාවේ ලේකම්තුමිය – එච්. එල්. ප්‍රසාදිනි මහත්මිය ගත් මෙම ක්‍රියාමාර්ගය අපගේ පැසසුමට ලක්වන අතර, රාජ්‍ය සේවකයන් සමඟ සාධනීය සංවාදයන් තුළ නිවැරදි තීන්දු ගනිමින් සමාජයේ යහ පැවැත්ම වෙනුවෙන් කළ හැකි බොහෝ දේ තිබෙන බව සනාථ වන තවත් එක් අවස්ථාවක් බවට මෙම සිදුවීම සටහන් කළ හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here