මිනිස් වැරදි, නිවැරදි කළ සොබාදහම

0
512

අපව ජීවත්කරවන්නේ සොබාදහම වුවත්, මිනිසාගේ අණුවන ක්‍රියා හේතුවෙන් සොබාදහම් මාතාවට සිදුවෙන කෙනෙහෙළිකම් වල නම් නිමක් නොමැත.කෙතරම් කෙනෙහෙළිකම් සිදුවුවත් සොබාදහම් මාතාව විසින් කාලයත් සමග එම තුවාල සුවපත් කරයි. කෙසේවුවත්, එහි කැළැල් ඉතිරි වන්නේ අමිහිරි අතීතයක මතකසටහන් ලෙසිනි.

මෙම ඡායාරූප වල දැක්වෙන්නේ ද මිනිසාගේ වැරදි සොබාදහම විසින් නිවැරදි කළ අවස්ථාවකි.

නැගෙනහිර රුසියාවේ Ussuri Bay වෙරළ වන මෙය සෝවියට් යුගයේදී භාවිතා කර තිබුණේ පෝසිලේන් හා වීදුරු බෝතල් ඉවතලන ස්ථානයක් ලෙසටය.මෙම ප්‍රදේශය පුරාවට පැවති බිඳුනු වීදුරු කැබලි දසදහස් ගණනක් හේතුවෙන් ප්‍රදේශවාසීන් ද විවිධ අනතුරු වලට එල්ල විය.

එහෙත් කාලයාගේ ඇවෑමෙන් නොනැවතෙන මුහුදු රළෙන් මටසිලුටු වූ මෙම අනතුරුදායක වීදුරු කැබලි මේ වන විට සුන්දර ‘සී ග්ලාස්’ වෙරළ තීරයක් බවට පත්වී හමාරය.

වසන්ත කාලයේදී තද දුඹුරු වැලි අතරින් හා ශීත සමයේදී සුදු හිම අතරන් දිලෙන මෙම ‘සී ග්ලාස්’ වෙරළ තීරය මේ වන විට රුසියානු ජාතිකයන් අතර අතිජනප්‍රිය ස්ථානයකි.

glass-beach-ussuri-bay-42

vodka-bottle-pebbles-glass-beach-ussuri-bay-russia-1

vodka-bottle-pebbles-glass-beach-ussuri-bay-russia-2

 

sinhala.srilankamirror.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here