‘ මිනිසුන් අතුරුදහන් නොවන සමාජයක් බිහිකිරීමට ඔබටත් වගකිමක් තිබේ ‘

0
119

ශ්‍රී ලංකාවේ සිදුවූ අඳුරු යුගයක් පිළිබඳව වේදනාත්මක මතකය මෙන්ම කිසිදිනක නැවත සිදුනොවිය යුතු මාතෘකාවක් වන දේශපාලන බලය පාවිච්චි කරමින් පුද්ගලයින් මරාදැමීම හා අතුරුදහන්කරවීම පිළිබද බේදවාචකය වර්තමාන ජන සමාජය හමුවේ දිගහරින සිනමා නිර්මාණයක් වන රාණි චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් අද මීගමුව ඇක්වා ලයිට් සිනමා ශාලාවේදී පැවැත්වේ. අද සවස මෙම ස්ථානයට අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ මව්වරුන් ඇතුළු ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී වුයේ ශ්‍රී ලංකාවේ සිදුකෙරුන අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිදුකරන අරගලයේම කොටසක් ලෙසිනි. ඔවුන් විසින් අද සවස 5.00 පමණ මෙම ස්ථානයේදී පත්‍රිකා බෙදිමක් සිදුකරනු ලදී.  WhatsApp Image 2025 02 09 at 18.15.45 bd7ae961 WhatsApp Image 2025 02 09 at 18.15.38 83197a0e WhatsApp Image 2025 02 09 at 18.15.39 486767c0  WhatsApp Image 2025 02 09 at 18.15.43 5ffa04f0WhatsApp Image 2025 02 09 at 18.15.38 de629b9b WhatsApp Image 2025 02 09 at 18.15.37 626ed93c

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here