මේ මැරයන් කිසිවෙකුත් නවින අවි ආයුධ අතදරා පැමිණ සිටි බවක් දැනගන්නට නැත.
එවන් සකලවිද නවින ආයුධ සියල්ලකින් සන්නද්ධව සිටින පොලිසියත් හමුදාවටත් මේ විනාශයෙන් නගරය බේරාගැනිමට නොහැකි වුයේ මන්ද යන්න බරපතල ගැටළුවකි.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ එම් සුමන්තිරන් මන්ත්‍රිවරයාද රජය මේ චෝදනාව බරපතල ලෙසින් එල්ල කොට තිබුණි.
ඇත්ත වශයෙන් රජය මේ ගැන නම් කටඋත්තර නැති තැනට දැන් වැඩ සිදුව හමාරය.
සත්තකින්ම මේ කලබල පාලනය කිරිමේලා ජනපති සිරිසේනගේ සේනාධි නායකත්වයෙන් යුතු ආරක්ෂක අංශය පොලු කාරයන්ට පැරදුන බවට සාක්ෂි දරන නගර නම් කියක්ද ?
මොන ආරක්ෂක ගිවිසුම් චිනයේදි ගැසුවද ලංකාව තුල සේනාධිනායකයා නම් අජ පල් වි හමාරය .