මියන්මාර් අත්අඩංගුවේ සිටි ධිවරයන් පිරිස ලංකාවට ..

0
116

මියන්මාර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන එරට රදවා සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනා නිදහස් කිරීමෙන් පසුව , ඊයේ දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි . ඒ ඊයේ දින රාත්‍රී 11.30 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන

තම ධීවර යාත්‍රා වල ඇංජින් ක්‍රියාවිරහිත වීමෙන් පසුව මෙම ශ්‍රී ලාංකික ධීවරයින් පිරිස මියන්මාරය වෙත ගසා ගෙන ගොස් තිබුණි .

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ධීවරයින්  පිරිස නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රැගෙන ගොස් තිබුණි.

මෙසේ මියන්මාරයේ අත් අඩංගුවෙන් මිදී ඇත්තේ ඒ.සී.අයි.ප්‍රනාන්දු, එල්.ඒ.නිර්මිත ශ්‍රීලාල්, එච්.එස්.චමින්ද, එච්.එස්. ජයන්ත, ඩී.කේ.එස්.එස්.හේමචන්ද්‍ර, ඩී.එම්.කේ.මධුශංක, කේ.එම්.ප්‍රනාන්දු, එස්.නානායක්කාර, ඩබ්ලිව්.එන්.ප්‍රනාන්දු, ටී.කේ.එන් පීරිස්, ජේ.කේ.එස්.ලාල් පෙරේරා, සහ ඩබ්ලිව්.ඒ එස්.ප්‍රනාන්දු යන අයයි.

මෙරට ධිවර යාත්‍රා දෙකක් හා ධීවර කාර්මිකයන් 12 දෙනෙකු මියන්මාර් රජයේ අත්අඩංගුවට පත්විමෙන් අනතුරු පසුගිය මාර්තු මාසයේදි ඔවුන් නිදහස් කර දෙන ලෙස ඉල්ලා පවුලේ ඥාතීන් අද දින ධීවර අමාත්‍යාංශයේදී අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමු වී ඉල්ලා සිටින ලදි.

එහිදී ඥාතීන් පෙන්වා දුන්නේ තම පවුලේ ආර්ථිකය ගෙන යාමට සිටි පුද්ගලයන් මෙසේ අත්අඩංගුවට පත්වීමත් සමග තමන්ගේ එදිනෙදා කටයුතු කර ගැනිමට නොහැකිව ආර්ථික අතින් ඉතා අසරණ බවයි.මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මියන්මාරය වැනි රටක් ප්‍රජාත්නත්‍රවාදී රාමුවෙන් මිදී හමුදා පාලනයක් ගෙන යන බවත් එවැනි රටක් සමග ගනුදෙනු කිරීමේදී යම් යම් ගැටලු පැන නගින අතර  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර ධිවර කාර්මිකයන් හා යාත්‍රා නිදහස් කර ගැනීමට අවශ්‍ය කටයුතු කරන බවට ප්‍රකාශ කරන ලදි.
මියන්මාරයේ ශ්‍රිලාංකාවේ තානාපතිධුරය දන්නේ නලින් සිල්වා විසිනි