මිරර්ට බාධා කළේ TRC උපදෙස් අනුවයි – ඩයලොග්

0
57
ශ්‍රී ලංකා මිරර් (www.sinhala.srilankamirror.com) අප වෙබ් අඩවියට සිය අන්තර් ජාල සම්බන්ධතා හරහා පිවිසීමට බාධා සිදු කරනු ලැබුවේ විදුලි නියාමන කොමිසමේ උපදෙස් අනුව බව ඩයලොග් සමාගම කියා සිටී.
අප විසින් එම සමාගමේ අන්තර් ජාල සම්බන්ධතා හරහා  ශ්‍රී ලංකා මිරර් (www.sinhala.srilankamirror.com) වෙත පිවිසීමට නොහැකි මන්දැයි විමසමින් කළ පැමිණිල්ලකට පිළිතුරු ලබාදෙමින් එම සමාගමේ ඉන්ජිනේරු ජූඩ් පෙරේරා මහතා මේ බව කියා සිටියේය.
කෙසේවුවද මේ සම්බන්ධයෙන් අප ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා එවැනි බාධා කිරීමක් සිදු කිරීමට උපදෙස් ලබාදී නැති බවයි.
පසුගියදා වෘත්තීය වෙබ් ජනමාධ්‍යවේදින්ගේ සංගමය සමඟ අමාත්‍ය බැසිල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් යන මහත්වරුන් සමඟ කළ සාකච්ඡාවකදී ශ්‍රී ලංකා මිරර් හා ද ඉන්ඩිපෙන්ඩන්ට් යන වෙබ් අඩවි වලට සිදු කර ඇති බාධා ඉවත් කිරීමට පොරොන්දු විය.
ශ්‍රී ලංකා මිරර්  ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලියාපදිංචි වෙබ් අඩවියකි.
අලුත්ම ගොදුර ලංකා විව්ස් 
පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂය විසින් පවත්වාගෙන ආ ලංකා විව්ස් ඩොට් කොම් (www.lankaviews.com) පුවත් වෙබ් අඩවියට ශ්‍රී ලංකාව තුල පිවිසීම වාරණය කර තිබේ.
එය වාමාංශික දේශපාලන පක්ෂයක් වන පෙර‍ටුගාමී පක්ෂයේ නිල පුවත් වෙබ් අඩවිය වේ.මේ සම්බන්ධයෙන්ද ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා කියාසිටියේ එවැනි බාධාවක් සිදුකර නොමැති බවයි.
www.sinhala.srilankamirror.com