මිරිස් කුඩු වගේද විදුලි පන්දම් ….

0
196

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඊයේ පාර්ලිමේන්තුවේදී හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කිරීමට නියමිත බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද ප්‍රකාශ කර ඇති බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පන්දම් එළියක් ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි කථානායකවරයා පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කර ඇති බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

පොලිසියේ විරෝධය නොතකා මන්ත්‍රීවරයා විදුලි පන්දම් එළිය ද වෙනත් පාර්සලයක් සමඟ රැගෙන ආ බවට ද පැමිණිලි ලැබී ඇතැයි කථානායකවරයා සඳහන් කර තිබුණි.
රීති ප්‍රශ්නයක් මතු කරමින් අමාත්‍යවරයා කියා සිටියේ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ අවසර දී ඇති භාණ්ඩ ලැයිස්තුවේ නොමැති භාණ්ඩ රැගෙන ඒමෙන් සභාවේ ආරක්ෂාවට මෙන්ම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ද තර්ජනයක් එල්ල වන බවයි

විදුලිය විසන්ධි වුවහොත් වැසිකිළිය භාවිත කිරීමට හැකිවන පරිදි විදුලි පන්දම් එළිය රැගෙන ආ බව මන්ත්‍රීවරයා කථානායකවරයාට දැනුම් දී තිබුණි

කෙසේ වෙතත් මේ විදුලි පන්දම් පිළිබද උණුසුම් විවාදය , මෛත්‍රිපාල මහින්ද රාජපක්ෂ;එක්ව සිදුකළකුමන්ත්‍රණ සමය තුල පාර්ලිමේන්තුව තුලදි පොලිසියට සහ මන්ත්‍රිවරුන්ට මිරිස් කුඩු ප්‍රහාරය සහ එහිදි වත්මන් පාලකයන් හැසිරුනු අන්දම යළි සිහියට ගෙන කරුණක් වි තිබේ.