රු.මිලියන 163 ක් වැයකරලා මීගමුවට පුස්තකාලයක් හදන්න කියල කව්ද කිව්වේ ?මහඇමතිගෙන් රොයිස් විජිත අපක්ෂපාත පරික්ෂණයක් ඉල්ලයි ?

0
72

roies with galanමීගමුව මහනගර සභාවට පසුගිය කාලය තුල ඒ ආසන්නයේම  වු ඉඩමක් පවරා ගෙන තිබුනේ පුස්තකාලයක් ඉදිකිරිම වෙනුවෙනි.
එහෙත් දශකයකටත් වඩා වැඩි කාලයක් ගෙවි ගොස් තිබුනද ඒ කි පුස්තකාලය එලෙස පවරාගත් භුමියේ ඉදිකෙරුනේ නැත.
තතු එසේව තිබියදි රුපියල් මිලියන 163 ක් වියදමින් දැවැත්ත පුස්තකාලයක් ඉදිකිරිම සදහා නගරාධිපති ඇන්ටනි ජයවීර මහතා ප්‍රමුඛ මන්ත්‍රිවරුන් පිරිසක් කටයුතු කරගෙන යති.
මීගමුව තුල විධිමත් මළඅපවහන පද්ධතියක් නැති තත්වයක් යටතේ එමෙන්ම නගර සභා සුසාන භුමියේ දේහයන් ආදාහනය කිරිම සදහා වු විදුලි පද්ධතිය දැන් ක්‍රියාවිරහිත තත්වයකට පත්ව තිබේ.
මේසා දැවෙන ප්‍රශ්ණ රාසියක් තිබියදි මිලියන 163 ක් වැය කරමින් ඉදිකරන්නට යන පුුස්තකාලය පිළිබදව අපක්ෂපාත පරික්ෂණයක් සිදුකරන ලෙස බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත විසින් අද පැවැති බස්නාහිර පළසභා රැස්විමෙදි මහඇමතිවරායාගෙන් ඉල්ලා ඇතැයි සැලය.