මිහිතලය කම්පා කළ ‘ මැක්ස් ‘ ඝාතනය නඩුව අද ?

0
93

IMG_20200507_071741(1.22am) පසුගිය  මැයි මස 08 වනදා , වෙසක් උත්සවය දිනයේදී  පෙරියමුල්ල සාන්ත,අන්තෝනි මාවතේදී වෙඩී තබා ඝාතනය කළ මැක්ස් නම් සුනඛ සුරතලාගේ ඝාතන නඩුව හෙට 18 වනදාට යෙදී තිබේ. මේ වනතෙක් විශ්‍රාම ගිය පොලිස් නිලධාරියෙකු වන මෙම  සැකකරු විසින් මැක්ස් ඝාතනය කළ ගිණි අවිය පොලීසියට බාරදී නොමැති අතර වෙඩි උන්ඩය ද අතුරුදහන්ව ඇත. මැක්ස් වෙනුවෙන් ඔහුගේ  හිමිකරු  මානව හිමිකම් ක්‍රියාකාරී බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා එදිනම මීගමුව පොලීසියේ පැමිණිල්ලක් ගොනු කළ අතර සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටින Save a Paw   සංවිධානයේ ශිවන්ති සන්සෝනි විසින්ද මීගමුව පොලීසියට පැමිණිල්ලක් ගොනු කරන ලදී. එමෙන්ම මැක්ස් ගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂනය මීගමුව පොලීසිය විසින් මිගමුවේ පශුවෛද්‍යවරයෙකු මගින් සිදුකළ අතර තවදුරටත් පරික්ෂන සදහා ශිවන්ති සන්සෝනි මහත්මියගේ සංවිධානය මැදිහත්වී රැගෙන යන ලදි.
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වීමට නියමිත මැක්ස් ඝාතන නඩුවට ජනාධිපති කවුන්සිලයේ නීතිඥවරු ඉදිරිපත්වීමට නියමිත බව  ශිවන්ති සන්සෝනි මහත්මිය විසින් ප්‍රකාශ කර තිබේ.

Save a Paw    සංවිධානය විසින් මේ වනවිට දිවයිනේ සිදුවන සත්ව හිංසාවන් පිටුදකිමින්  එවාට එරෙහිව නීතිමය මැදිහත්වීම් සිදුකරමින් සිටින සංවිධානයකි. මැකස්ගේ ඝාතනය සම්බන්ධයෙන් සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකාරී සංවිධාන ,කණ්ඩායම් සහ සත්ව ප්‍රේමීන් විශාල වශයෙන් ඔවුන්ගේ මැදිහත්වීම සමාජ මාධ්‍ය හරහා සිදුකරන ලදී.  වෙසක් පොසොන් පොහොය  දිනයකදි මෙවැනි අපරාධයක් සිදුකිරිම සම්බන්ධයෙන් රටේ ප්‍රදාන මාධ්‍ය පවා හෙළාදකිමින්  මේ ගැන වාර්තා කළ අතර සත්වයින්ට ආදරය කරන සියලු දෙනා මෙම සිදුවිම සම්බන්ධව කම්පා වූ බව පසුගිය කාලයේ ෆේස්බුක් හරහා ඔවුන්ගේ හඩ අවදි කළ අයුරි්න් මනාවට ප්‍රදර්ශනය විය. මැක්ස් ට සාධාරණයක් ඉටුවිම සියල්ලන්ගේම ප්‍රාර්ථනයයි  !
IMG_20200507_073641max 397518340_892501011276310_5524579856903307264_o