මිහින් ලංකා ණය ගෙවුවේ රාජ්‍ය භාණ්ඩාගාරයෙන් නිලධාරියෙක් හෙලි කරයි

0
89

Mihin-Lanka-1-768x522

ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමෙන් (Airport and Aviation Services Limited (AASL)) 2008දී ලබාගත් රු.මිලියන 500ක ණය මුදල හා පොළිය සමග රු.මිලියන 615ක සම්පූර්ණ මුදල 2010 වසරේදී පියවනු ලැබුවේ රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් මගින් බව ප්‍රධාන පෙලේ නිලධාරියෙකු සදහන් කර තිබේ.

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්,ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා අායතනයන් වල අක්‍රමිකතාවයන් පිළිදව විමර්ෂනය කරන ජනාධිපති විමර්ෂණ කොමිසමට AASL මූල්‍ය අංශයේ ප්‍රධානි ලයනල් දහනායක මහතා මේ බව සදහන් කර ඇත.

මෙම ණය නැවත ගෙවීම පිළිබදව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද පතිරණ මහතා ප්‍රශ්ණ කල අවස්ථාවේදී දහනායක මහතා සදහන් කර ඇත්තේ AASL ලංකා බැංකු ගිණුම වෙත පළමු වාරිකය ලෙස රු.මිලියන 200ක මුදලක් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ලැබුණ බවයි. හිග මුදල AASL ලාභාංශ මගින් පියවා ඇති බවත්ය.

එලෙසම තවදුරටත් ඒ මහතා සදහන් කර ඇත්තේ මිහින් ලංකා විසින් රු. මිලියන 1085ක ණය මුදලක් ඉල්ලූ නමුත් AASLහි අධ්‍යක්ෂකවරුන්ගේ උපදෙස් මත එකගවූයේ රු.මිලියන 500ක ණය මුදලකට පමණක් බවත්ය.