මීගමුවටත් මාළු නෑ.

0
87
නාමල් ප්‍රනාන්දු

දැනට සති කිපයක සි⁣ට මිගමුවටද මාළු නැතැයි කියැවේ.මිට හේතු විමසිමේදි කරුනු ගණනාවක්ම ඊට බලපා ඇතැයි හෙළිවේ.මින් ප්‍රධාන හේතුව ලෙස ධිවර සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් ප්‍රනාන්දු කියා සිටියේ පාස්කුව මෙන්ම සිංහල දෙමළ අවුරුදුට එක ලඟ වැටි තිබිම බලපා ඇති බවයි.මෙවර සිංහල දමිළ අවුරුද්දට කලින් පාස්කුව පැමිණියේය.එබැවින් ධිවර රැකියාවේ නිරත අති බහුතරයක් බහුදින යාත්‍රා ගොඩබිමට පැමිණ තිබුණි.එපමණක් නොව මිගමුව කෙන්ද්‍රකොට ගනිමින් විසිර සිටින සංක්‍රමණික ධිවරයන්ද යළි සිය ගම්බිම් බලා පැමිණ තිබුණි.මේ කරුණු දෙක නිසා පාස්කුව හා බැදුන් ධිවරයන්ගේ මතස්‍ය සැපයුම් එහෙම පිටින්ම අඩාල විය.

මෙයට අමතරව බලපා අනික් හේතුව වි තිබුනේ පාස්කුවෙන් පසු යෙදුන අවුරුදු සමය තුල දකුණේ ධීවරයෝද සිය කර්මාන්තයේ යෙදිමෙන් වැලකි සිටිම නිසා දකුණෙන් පැමිණ ලින්නා වැනි මසුන්ද මිගමුවට පැමිණිම ඇන හිට තිබේ .

එමෙන්ම විශේෂයෙන්ම උතුරු නැගෙනහිර මුහුදු තීරයන්ගේ ක්‍රියාත්මක වු පර්සින් වැනි තහනම් පන්න ක්‍රම නවතා දැමිම නිසාද ඒ තුලින් ලැබුන විශාල මත්‍යස්‍ය තොග මිගමුවට ඒම නැවැතුණි.මේ පසුබිම තුල මිගමුවට පැමිණෙමින් තිබුන මත්‍යස්‍ය සැපයුම අ⁣ඩාල විය.මිල ගියේය නිතැතිනි.විශේෂයෙන්ම අවුරුද්දට පෙර දිනයේ මිගමුව ඉතිහාසයේ වැඩිම මාළු මිළ සටහන් වු බව ධිවර ව්‍යාපාරිකයන් එදා මිපුරට පවසා සිටියේය.