මීගමුවටත් මාළු හිඟවෙයි!කරවල නිෂ්පාදනයත් අර්බුදයක ..

0
251

මේ දිනවල මිගමුවට පිටපළාත් වලින් ලැබෙන මාළු තොග සැලකිය යුතු ලෙසින් අඩුව තිබිම මෙන්ම මිගමුව ප්‍රදේශයෙන් ලැබෙන මාළු අස්වැන්න පවා සැලකිය යුතු ලෙසින් පහල ගොස් තිබිම නිසා මිගමුවටත් අවුරුදු සමයෙන් පසු මාළු හිඟවි තිබේ.

විශේෂයෙන්ම මිගමුවේ සියලු බහුදින යාත්‍රා වසරේ අවස්ථා දෙකකදි ගොඩට පැමිණේ.ඒ නත්තල් සමයේ මෙන්ම පාස්කු ඉරුදිනද නිමිති කොට ගෙනය

පාස්කු කාලයේ ගොඩට පැමිණ තිබුන බහුදින යාත්‍රා රැකියාවට පිටත්ව ගොස් දැන් වැඩි දවසක් නැත.ඒවා දැනට මාලු තොග රැගෙන ගොඩට ඒමට තවත් දින කීපයක් ගතවෙනු ඇත.

මේ සියළු තත්වයන් නිසා මිගමුව තුල පවා මේ  දිනවල මාළු හිඟයක් පවති.
මේ අතර මාළු හිඟවිම නිසා මේ දිනවල  කරවල නිෂ්පාදනයද බරපතල අර්බුදයකට ලක්ව ඇති බව කරවල නිෂ්පාදකයෝ කියා සිටිති.
කරවල නිෂ්පාදනය සදහ මිගමුව ප්‍රදේශයෙන් දැනට මාස තුනක් පමණ සිට ප්‍රමාණවත් මත්‍යස්‍ය අස්වැන්නක් නොලැබුන බවද ඔවුන් කියා සිටිති