මීගමුවටම මඩ වතුර නගරයම අද අර්බුදයක

0
181

P1080761 newP1080760 new

මීගමුව පුරා බෙදා හැරෙන ජානිය නල ජලයට මඩමුසුවිම නිසා අද මුළු මිගමුව නගරයම බරපතල අර්බුදයකට පත්ව ඇත.

මීගමුවේ ජල සැපයුම් ධාරිතාව වැඩිකරිම අරමුණු කොට ගෙන දැනට සිදුකෙරමින් ඇති ව්‍යාපෘතියක් අනුව ඊයේ ජලපවිත්‍රගාරයෙන් මුදාහල ජලය අධිපිඩනය තත්වයකින් අදාල නල හරහා ගමන් ගනිද්දි මේ මඩ කාන්දුවිම සිදුව වන්නට අතැයි ජලසම්පත් මණ්ඩලයේ බලධාරින් පවසා සිටි අතර එකි ජලය ගබඩාකර තැබෙන ටැංකි 4 මේ වන  සම්පුර්ණයෙන්ම හිස්කර නැවත සෝදා ප්‍රශ්ණයට පිළියම් සෙවියමට දැනටමත් පියවර ගනිමින් ඇති බව පවසයි.කෙසේ වෙතත් මෙවන් හදිසි තත්වයකදි ඒ වෙනුවෙන් කටයුතු කිරිමට කිසිදු වැඩපිළවෙලක් ඇමති බවක් නොපෙනෙන්නේ මේ සම්බන්ධයෙන් අප මීගමුව නගරධිපති වරයා ඇමතූ අවස්ථාවේදිය.

අද උදෑසන 9 ට පමණ අප ඔහු ඇමතූ අවස්ථවේ නගරය මුහුණ දි ඇති මේ අර්බුදකාරි තත්වය ගැන කිසිවක් ඔහු දැන සිටියේ නැත.

මීගමුව රෝහල ද මේ තත්වය තුල බරපතල අර්බුදයකට පත්ව ඇතැයි වාර්ථාවේ.

ජලපාරිභෝජනය වැඩියෙන්ම සිදුකරන දවස වු ඉරුදින මීගමුවේ නල ජල පාරිභෝගියකන් කරකියා ගත දෙයක් නොමැතිව අද අසරණව ඇති බව අප වෙත පැමිණ සියළු දුරකථන ඇමතුම් විසින් සනාථ කර සිටියේය.

අද සවස වන විට තත්වය පාලනය කර ගත හැකිවනු ඇතැයි විශ්වාස කරන බව අදාල බලධාරියෙකු පවසා සිටියේය.