පසුගිය දිනවල මිගමුව පිටිපන ලෙල්ලමටම පිටපළාත් වලින් පැමිණි මාළු තොග වල පැහැදිලි අඩුවක් දක්නට ලැබුණි. ඒ දිනවලට සාපෙක්ෂකව අද පිටපළාත් කිපයකින් මාළු තොග පැමිණි තිබුණ අපගේ ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි.
වාර්තා වන අන්දමට අද දින වැඩියෙන් මාලු තොග පැමිණ තිබෙුනේ නැගෙනහිර පළාතෙනි.
පිටිපන විදිය දූව ලෙල්ලමේ අද හුරුල්ලෝ කිලෝවක් රු 500 කටද, කුම්ඹලා කිලෝවක් රු 550 කට අලෙවි වු අතර පරව් කිලෝවක් අලෙවි වි තිබුනේ රු 550 කටය.
මේ අතර ඊයේ දිනයේ රු 280 ක් වු සාලයා කිලෝවක අද මිළ වි තිබුනේ රු 250 කි.
මාලු තොග එසේ පැමිණ තිබුනද ගැණුම්කරුවන්ගේ අඩුවක් අද දිනයේද පැවතුණි.