මීගමුවට ආ ”රසුදැල් බස්සා”

0
506

received_663244814214931ලෝකයේ බස්සන් වර්ග 216 ක් පමණ සිටින බව සඳහන් වේ. මෙම බස්සා පවතින අංග ලක්ෂණ අනුව බලනවිට “රසුදැල් බස්සා” නමින් හැඳින්විය හැක . බස්සා ඉතා කලාතුරකින් දැකිය හැකි සත්වයෙකි . මොවුන් මේවනවිට වඳවී යාමේ තර්ජනයට මුහුණ දී ඇත . කැලෑ එලිකිරීම, නවසොයා ගැනීම් , පරිසර උෂ්ණත්ව වෙනස් වීම් මේ වඳවීමට ප්‍රධාන හේතු ලෙස දැක්වේ.

අද (17) මහවීදිය දේවස්ථානය අසල ත්‍රිවිල් පාක් එකේ රියදුරු මහත්වරුන්ට අමුතු ජාතියේ බස්සකු හමුවී තිබින . ඔවුන්ට මෙම සතා හමුවන අවස්ථාවේදී වෙනත් සතෙකුගේ පහරදීමට ලක්වී තිබින . වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මේගැන දැනුම් දුන් නමුත් ඔවුන්ට මෙම ස්ථානයට පැමිණීම සඳහා වාහනයක් නොමැති හෙයින් පැමිණීමට නොහැකි විය . ටික වේලාවකින් මේ සතා මියගිය අතර වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සතා වලදමන ලෙස දන්වා සිටින ලදී . මෙම සතා මුහුණ දී තිබුනේ ශෝචනීය ඉරනමකටය. ඔවුන්ට දිවාකාලයේ නොපෙනීම මෙම අනතුරට මුහුණ දීමට ප්‍රධාන හේතුව විය. ඒනිසා බල්ලෙකු හෝ වෙනත් සතකුගේ පහර කෑමට ලක්වී ඇත .
මේ සතා බිත්තර දමන්නේ අනුන්ගේ කූඩු තුළය. කොට්ටෝරුවන් හදන ගුල්, ගස්බෙන, පොලොවේ ගුල් තුළ උන් බිත්තර දමන බව ⁣සොයාගෙන ඇත . දින දෙක තුනකට වරක් බිත්තර 7 ක් පමණ දමන නමුත් උෂ්ණත්ව වෙනස් කම්, ආහාර ලැබෙන අාකාරය අනුව දමන බිත්තර ප්‍රමාණය වෙනස් වේ. ආහාර ලෙස පනුවන්, ගොළු බෙල්ලන් ගන්නා බවත්, බිත්තර රැකීම බකුසිය සහ බස්සා මාරුවෙන් මාරුවට සිදුකරන බවත සඳහන් වේ. පැටවා පියෑඹීම, ආහාර සොයාගැනීම සඳහා වැඩී සති 9- 10 ක් පසුවිය යුතුය . මොවුන් අවුරුදු 10 -20 ක් වැනි කාලයක් ජීවත්වන බව තිබෙන තොරතුරු අනුව සඳහන් වේ.