මීගමුවට ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිකයක් ගොඩනැගිමට කමිටුවක් !

0
259

මීගමුව කියන්නේ වේගයෙන් ජනාකිර්ණත්වයට පත්වෙමින් ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධානම නගරයක්.
ඒ වගේම තමයි බස්නාහිර පළාතේ දියුණුවට පත්විමට වැඩිම ඉඩක් ඇති වානිජ නගරයක්ද විමයි.
ඒත් අවසානාව තමයි මේ සියල්ලේ උපරිම ඵලය නෙලාගන්න පුලුවන් දේශපාලන අධිකාරියක් මිගමුවට නොතිබිම.

මේ පසුබිම තුල මිගමුවේ තිබෙන සිමිත ඉඩම් වඩාත් ප්‍රශස්ත ලෙසින් ප්‍රයෝජනයට ගැනිමට ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු කිරිම වෙනුවට දේශපාලකයන්ට වරදාන කොමිස් ලැබෙන විදියට ධනකුවේරයන්ට ඉඩම් විකුණා දැමිම දැන් ඉදිරියට ඇවිත්.

මේ ගැන මිගමුවේ පල්ලිය හරි විද්වතුන් හරි සමහර විට දන්නෙත් නැතුව ඇති.

පහුගිය දවසක මිගමුවේ තලාහේන ප්‍රදේශයේ සමස්ත ලංකා ධිවර සම්මේලනයේ මාධ්‍ය සාකච්ජාවකදි මේ අවාසනාවන්ත තත්වය ගැන ප්‍රශ්ණයක් මතුකරපු වේලාවේ එම සම්මේලනයේ ප්‍රධානියෙකු වන රත්න ගමගේ කියා සිටියේ මිගමුවේ ඉඩම් පරිහරණය විධිමත් කිරිමට මිගමුවේ ඉඩම් පරිහණ ප්‍රතිපත්තියක් සදහා වන කමිටුවක් ගොඩනැගිය යුතුව බවය.
ඒ අදාල සියළු ක්ෂේත්‍රවල නියෝජිතයන් එක්විය යුතු බවද අවධාරණය කළා