මීගමුවට ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් තිබේද..?

0
77

හිටපු ප්‍රාදේශිය ලේකම් ශාන්ත කේ. මුහන්දරම් විසින් මුඩු බිමක් වශයෙන් හදුන්වනු ලැබු , හිටපු නගරාධිපති මේ ඇත්තේ කඩොල් නොව මණ්ඩා යනුවෙන් සදහන් කළ කඩොලාන ඉඩම් අක්කර 8 ක් දැන් ඉඩම් කට්ට් 133 ක් ලෙසින් අඩුඅදායම් ලාභි ධීවරයන් සහ සුනාමි නිවාස අහිමියන් අතර බෙදා දිමට කැබ්නට් අනුමැතියද ලැබි ඇතැයි සැලය.

වසර 2005 සිට වරින් වර මේ ඉඩම නිවාස තැනිමට යොදා ගැනිමට ප්‍රදේශයේ දේශපාලකයන් විසින් විශාල මහන්සියක් ගත්තේය.කලපු ජලය ලවණ හරනය කර පානිය ජල සැපයුමට එක් කිරිමට හිටපු  නගරාධිපති නිමල් ලංසාට සැලසුම් කරද්දි මේ ඉඩම සුරක්ෂිත කරගැනිමට එදා තනි සටනක් කිරිමට මීපුර පුවත්පතට සිදුවිය.

ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම ධීවරයන් වෙනුවෙන් යැයි කියා ගත් කිසිදු සංවිධානයක් එදා අපේ ආධාරයට පැමිණියේ නැත. කඩොලන සුරකිම වෙනුවෙන් අප එදා ගෙන ගිය අරගලය හේතුවෙන් නිමල් ලංසා ඇතුළු දේශපාලකයන්ගේ බරපතල විවේචනයට ලක්වන්න මිපුරට සිදුවිය.ඉන් නොනැවතුන ලංසා පාලනය අපට එරෙහිව උද්ඝෝෂණ පවා සංවිධානය කරන්නට සුදානම් විය.මේ පසුබිම තුල අප වඩාත් අපහසුවට පත්කරළ කාරණය වුයේ මීගමුවේ ඉඩම් අහිමි වුවන් වෙනුවෙන් වැඩකරන රාජ්‍ය නොවන සංවිධානයක් පවා මේ කඩොල් ඉඩමෙන් ඉඩම් ගැනිමට කැමැත්ත පළ කර තිබිමයි. එදා ලංසා පාලනය පල්ලියේ සංවිධානද අපෙන් මේ ඉඩම ලබාදෙන ලෙස ඉල්ලනවා යැයි ලේබල් අලවා ගන්නටද මේ තත්වය  හේතු විය.

දැන් නැවතත් කඩොලාන අක්කර 8  විනාශයේ මුව විටට පැමිණ ඇත. සියළු කටයුතු සැලසුම් වි හමාරය.ප්‍රමාදය ඇත්තේ එකි ඉඩම මහනගර සභා සිමාවට අයත් නිසා එකි ඉඩම් නොමිලේ ලබාදිමට නිතිමය ඉඩක් නැති කමය.කිසියම් බදු ක්‍රමයකට මේ ඉඩම් බෙදා දිමට කටයුතු සැලසෙනු ඇත.මේ සියල්ල ඔස්සේ මතු වෙන කරුණු කිපයක් ඇත.

1. මීගමුව කලපුව හෝ කඩොලන බේරා ගැනිමට මීගමුවේ ඇති රාජ්‍ය නොවන සංවිධාන වලට සහ කතෝලික පල්ලියට ඇත්ත උවමනාවක් සහ වැඩපිළිවෙලක් තිබේද..???.

2. අඩුආදායම් ලාභින්ගේ නිවාස ප්‍රශ්ණය විසදිමට වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යය. එහෙත් එය පදනම් විය යුත්තේ මීගමුවේ පවතින  ඉඩම් නිසි පරිහරණයකට ලක් කළ යුත්තේ කෙසේද යන්න ගැන ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් මත පිහිටා නොවේද.???

ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම මේ කරුණ අරභයා විශේෂ රාජ්‍ය නිලධාරියකු ( Land use officer )පත් කර ඇත. මීගමුව ගැන බුද්ධිමත්ව සිතන ජනයා මෙහි ඇති වැදගත්කම සලකා මේ සංවාදය මීගමුව තුල ආරම්භ කිරිමේ අති ප්‍රබල අවශ්‍යතාවක් දැන් මතුව තිබේ.

අප මීට පෙරද අවස්ථා ගණනාවකදි මේ කරුණ මතු කර තිබුනද කිසිවෙකුත් එයට අවශ්‍ය බර තැබුවේ නැත.

 

කලපුව බේරාගැනිම ගැන ජනතාව දැනුවත් කිරමේ පත්‍රිකාවක් බෙදා හරිමින්