මීගමුවට තාමත් මාළු හිඟයි ! මිළත් ඉහලයි !

0
202

මේ දිනවල මිගමුවට ලැබෙන මාළු තොග සිමිත විම නිසා,බොහෝ මත්‍යස්‍ය  වර්ග වල මිළ ඉහලට ගොස් තිබේ.මිට සතියකට පමණ පෙර රු 350 ක් පමණ වු සාලයා කිලෝවක් අද අලෙවි වි තිබුනේ රු 600කටත් ඉහල මිලකටය.

ලින්න (පොඩි ) 500කට වඩා ඉහල මිලකට අලෙවි විය .ලොකු ලින්නා කිලෝවක් රු 700 වඩා අගයක් ගෙන තිබුණි.

මේ අතර බලයා කිලෝවක් රු 800ක් පමණ විය.මුහුදු කුකුළා කිලෝවක් රු 450කි.

පොදුවේ ගත් කළ සියලුම මාලු වර්ග වල තිබුනේ වෙනදාටත් වඩා ඉහල මිලකය.

මිගමුවේ ධිවරයන් විසින් අල්ලනු ලබන හාල් මැස්සන් කිලෝවක් පවා රු 400ක් විය.

මේ අතර පෑලියගොඩද මාලු මිල ඉහළට අගයක් ගෙන තිබුණි. 
බලයා රු 1200
සාලයා රු 650
හුරුල්ලෝ රු 1000
බෝල්ලෝ රු 900
කුම්බලාවා රු 900
ඇටවල්ලා රු 1000
තෝරු රු 3000
තලපත් රු 2200
කෙලවල්ලා රු 1600
පරව් රු 1500
ලින්නා රු 800
කොප්පරා රු 2300
ඉස්සෝ රු 1700 සිට
දැල්ලෝ රු 1600 සිට