අප්‍රේල් මාසය සඳහා වන මීගමුව සංවර්ධන කමිටු රැස්වීම මේ මස 23 වැනි දින පැවැත්වෙන බවට දැනුම් දී තිබුණත්, එළඹෙන පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය පැවැත්වීම මේ මාසයේ 23 සහ 24 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබෙන නිසා 23 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ මීගමුව සංවර්ධන කමිටු රැස්වීම එදිනට නොපැත්වෙන අතර ඒ සඳහා වෙනයක් දිනයක් ලබා දෙන බවට මීගමුව සංවර්ධන කමිටු සභාපති ලෙස කටයුතු කරන කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ
කෙසේ වෙතත් අදාල වගකිවයුත්තන් විසින් මෙතෙක් සංවර්ධන කමිටු ව පැවැත්වීම සඳහා දිනයක් තවමත් ලබා දී නොමැති බව දැනගන්නට ඇත.
මෙවර පැවැත්වීමට නියමිතව ඇති මෙම සංවර්ධන කමිටු රැස්වීම මීගමුව නගරය සම්බන්ධයෙන් තීරණාත්මක රැස්වීමක් බවට පත්වීමට බොහෝ දුරට ඉඩ තිබේ. ඉන් ප්‍රධාන වන්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙර පවත්වනු ලබන අවසාන සංවර්ධන කමිටු රැස්වීම මෙය විය හැකිවිම නිසාමය.
මීගමුව වෙරළ උද්‍යානය හෙවත් බීච් පාක් එක සම්බන්ධයෙන්ද මෙවර සංවර්ධන කමිටු රැස්වීමේදී ගනු ලබන්නා වූ තීන්දු තීරණ පිළිබඳවද බොහෝ දෙනකු දැඩි විමසිල්ලකින් සහ අවධානයකින් පසු වේ.
මීගමුව බීච් පාර්ක් හී අවුල තවමත් විසඳී නොමැත.
පසුගිය මාර්තු මාසයට අදාළව පැවති ,මීගමුව සංවර්ධන කමිටු රැස්වීමේදී නාගරික කොමසාරිස්වරිය ප්‍රකාශ කළේ බීච් පාර්ක් හී භූමියේ අයිතිය නිරවුල් වනතුරු එහි ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සඳහා මීගමුව මහා නගර සභා සේවකයන් යොදවන බවයි. එහෙත් එම සංවර්ධන කමිටු රැස්වීම පවත්වා මාසයක් පමණ කාලයක් ඉක්ම ගොස් ඇතත් ,බීච් පාර්ක් හී ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම තවමත් සිදුවන්නේ පෞද්ගලික කොම්පැනියක් විසිනි.
පසුගිය මාසයේ පැවැති සංවර්ධන කමිටු රැස්වීමේදී අනාවරණය වූයේ මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය හෙවත් UD එක මගින් බීච් පාර්ක් හී ප්‍රවේශ පත් නිකුත් කිරීම ඇතුළු කාර්යයන් පෞද්ගලික කොම්පැනියකට ගිවිසුම්ගතව පවරා ඇති බවකි.
ඒ අනුව එහි භුක්තිය නගර සභාවට නිත්‍යානුකූලව පවරා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකර ඇති බව ද එම කමිටරැස්වීමේදී අනාවරණය විය. එහෙත් ඒ කිසිදු කටයුත්තක් මෙතෙක් සිදුවී නොමැති බව දැනගන්නට ඇත.
මීගමුව, ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කරන්නේ බීච් පාර්ක් හී භූමියේ අයිතිය නගර සභාවට පැවරීමට නම් ඒ සඳහා ඉඩම් කොමසාරිස් ජෙනරාල් කාර්යාලයේ සහ ඉඩම් අමාත්‍යංශයේ නිත්‍යානුකූලව අවසරය ලැබිය යුතු බවයි. එහෙත් ඒ කිසිදු අවසරයක් මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බවද ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කරයි.
එලෙසම පසුගිය මාර්තු 18 වැනිදා නාගරික සංවර්ධන අධිකාරීය හෙවත් UD එක , අදාළ පෞද්ගලික කොම්පැනිය සමග සාකච්ඡාවක් පවත්වා මීගමුව බිච් පාර්ක් හී කටයුතු නගර සභාවට පැවරීම සිදුවන බව ප්‍රකාශ කලද තවමත් එයද සිදුවී නොමැත.
ඒ අනුව මේ සියලු කරුණු කාරණා වලට සවිස්තරාත්මකව පැහැදිලි පිළිතුරු ලැබෙන්නේ මෙවර පැවැත්වෙන සංවර්ධන කමිටු රැස්වීමේදීය. එනිසාම මෙම සංවර්ධන කමිටු රැස්වීම මීගමුවට ඉතාම තීරණාත්මක වනු නොඅනුමානය.