මීගමුවට බිහිවු දක්ෂ ELECTRONICS කාර්මිකයා ..

0
254

????????????????????????????????????

මීගමුව   මහවීදිය   ප්‍රදේශයේ    උපන්  ඇන්ටනි   සුරාජ් පෙරේරා  2000  දී  පමණ   මහවීදිය  ප්‍රදේශයෙන්   සුළුවෙන්   තම  ව්‍යාපාරික    කටයුතු   ආරම්භ   කරන  ලදී. මීගමුව -තෙල්වත්ත හන්දියේ පිහිටි  ANTON  ELECTRONICS   හි  අයිතිකරු  ඔහුය . මේ වනවිට  වයස  අවුරුදු  44 ක්  වු  ඔහු   තම  පියාගෙන්   ලැබු   ආභාෂය   මත   මෙම කාර්මික  දැනුම   පුළුල්  කරගත්  අතර  අද වනවිට   යම්  මට්ටමක  දියුනුවක්   ලබා තිඛේ.   මීගමුව  තෙල්වත්ත  හංදිය  අසල   පිහිටා  ඇති මෙම  ආයතනයට   නන්  දෙසින්    පාරිභෝගිකයින්  පැමිණෙයි.  පාරිභෝගිකයින්    මෙම  ස්ථානයට   මෙසේ ආකර්ශණය  වන්නේ  ඇයිදැයි   අප   ඇන්ටන්   මහතාගෙන්    මුලින්ම  විමසා    සිටියෙමු.

පොඩි  කාලෙ  ඉදලම   කාර්මික   වැඩවලට   මම කැමතියි.  මුලින්ම   මීගමුවෙ  ඉලෙක්ට්‍රෝ  ආයතනයෙනුත්,    ඊටපස්සෙ    ඉල්නේෂියස්   පියතුමා    යටතේ   මේ ගැන  ඉගෙනගත්තා.  මට   ගොඩක්  සම්බන්ධකම්   තිබෙනව   මිනිස්සුත්  එක්ක.  ඒනිසා  මේ  අංශයට  අදාල  දෙයක්  නම්   වැඩියෙන්   එන්නෙ  මා     ලගටයි.  මම  සාප්පුවට   එන  අයට  ගන්නා  භාණ්ඩය   කොතරම්   දුරට ඔහුගේ  අවශ්‍යතාවයට  අදාලද   ඒ  වගේම  ගැලපෙනවද  කියල   පෙන්නල  දෙනව.

ඔබ   කොහොමද    මේ  ව්‍යාපාරයට   සම්බන්ධ  උනේ?

අපේ  තාත්ත   කළෙත්    මේ ව්‍යාපාරය  තමයි.  මමත්   තාත්තගෙන්   තමයි   මුලින්ම   ඉගෙන  ගත්තෙ.1985  දි  තාත්ත   සුළුවෙන්   පටන්  අරගෙන  කරගෙන  ගියා.  ඒ  කාලෙ  පාසැල්  යන  ගමන්   තාත්තගෙ  වැඩ වලට  සම්බන්ධවුනේ   මේ  ගැන  ආශාවක්   තිබුන  නිසයි.  ඒඅනුව   2000 දි  වගේ   මම  පටන්   ගත්ත.  බොහොම  මහන්සිවෙල   තමයි  අද  මම මේ  තත්වයට    ආවෙ.

ඔබේ  අරමුණ ….

මම කැමතියි  මේ  සුළු   ව්‍යාපාරය    මගේම  තැනකට   අරගෙන   මීට වඩා   දියුණු  කරල   ගන්න.   මම  යම්  භාණ්ඩයක්  විකුණන්නෙ   එහි   ගුණත්වය ,  සහ  අදාළත්වය,  පාරිභෝගිකයට   පැහැදිළි   කරල  දීලයි.
බාල  දේවල්  දීල  සමහරු  පාරිභෝගිකයව   මුලාකරනව.  මම  ඒකට  කැමති  නෑ.  මගෙන්   නොගත්තත්  ඇත්ත  කියල  තමයි  මම  බඩු  විකුණන්නෙ.  ඒ වගේම   දැනටමත්   කරන   *TV,  CASSETTE  RECORDER , WASHING MACHINE , ORGAN    ආදිය  අළුත්වැඩියා   කිරීම  මීටවඩා     ක්‍රමවත්  විදිහට  කරන්නයි   මම අදහස්   කරගෙන  ඉන්නෙ.

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

DSC_0017newසටහන සහ ඡායා –  සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here