මීගමුවට මාළු හිඟවෙයි ! මිළත් ඉහලට ! සාලයා රු 400 යි !

0
114

පසුගිය දින කිපය පුරාම මිගමුවේ මාළු මිළ පැවැතියේ තරමක් ඉහල තත්වයකය. එයට ප්‍රධාන හේතුව වි තිබුනේ අවශ්‍ය තරම් මාළු තොග මිගමුට පැමිණ නොතිබිමය.

මේ පසුබිම තුල මිළද ඉහල ගොස් තිබුණි. දූව පිටිපන ලෙල්ලමේ සාලයා කිලෝවක් අද අලෙවි වුයේ රු 400 කටය.

මිට පෙර රු 600 ත් 700 ත් අතර මිළක පැවති කෙලවල්ලා අද මිළ තිරණය වි තිබුනේ රු 900 ක් ලෙසිනි.

මේ අතර ලැබෙන සිමිත මාළු තොග පවා අලෙවි කරගැනිමට නොහැකි තත්වයක මිගමු ලෙල්ලම් වල ව්‍යාපාරිකයන් මුහුණ දි සිටිති.
පවතින වැසි බර කාලගුණික තත්වය නිසා මාළු මිළට ගැනිමට පැමිණෙන අයගේද සැලකිය යුතු අඩුවක් පැවැතිම නිසාය