මීගමුවට රු 5000 තාමත් නෑ !

0
78

gettyimages-499427880-1024x1024කොරෝනා වසංගත තත්වය හමුවේ අන්ත අසරණභාවයට පත්ව ඇති ධිවර ප්‍රජාව මෙන්ම දෛනික වැටුප් ලබන ජනයාද දින ගණනාවක් තිස්සේ බලාගෙන සිටින රුපියල් 5000 දිමනාව තවමත් මිගමුව ලැබි නැත.
එපමණක් නොව ඒ මුදල් පවා මිගමුවට තවමත් පැමිණ නැති බවද සැලය.
මේ අතර ඇමති ප්‍රසන්න රණතුංග පසුගියදා මාධ්‍ය හමුවේ කියා තිබුනේ ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙකුත් ආසනයන්හි පවුල් 281784 වෙත රු 5000 දිමනාව ලබා දි ඇති බවය.
තතු මෙසේව තිබියදි මිගමුවේ දේශපාලන අධිකාරිය ධිවර ජනතාවගේ ප්‍රශ්ණවලට පවා වහා මැදිහත්වි කටයුතු නොකරන ඒ අය මුහුණ  දි සිටින ප්‍රශ්ණ හමුවේ වඩාත් පැහැදිලි වෙමින් තිබේ.
පසුගිය දිනක බහුදින යාත්‍රා හිමියන් මුහුණ දි තිබුන මත්‍යස්‍ය අස්වැන්න ප්‍රවාහනය කිරිම පිළිබද ගැටළුවේදි වහා මැදිහත්ව කටයුතු කර තිබුනේ මිගමුවේ ජේෂ්ඨතම දේශපාලකයා වන සරත් ගුණරත්න විසින් බව බහුදින යාත්‍රා හිමියෝ මිපුර අමතා කියා සිටියේය.
මිගමුවේ ප්‍රධාන පුරවැසියා සිය ප්‍රධාන අවධානය මේ දිනවල යොමුකර ඇති බව පෙනි යන්නේ යාචකයන්ගේ කුසගිනි නිවිම පිළිබදවය. ඒ අය වෙනුවෙන් මිගමුවේ විවිධ ව්‍යාපාරිකයන්ගේ අනුග්‍රහයෙන් මේ බත්පාර්සල් එකතු කරමින් තිබේ