මීගමුව නගරයේ සංවර්ධන කටයුතු සදහා විවිධ රටවලින් ලැබෙන විදේශාධාරයන්ගේ ප්‍රථිපල භුක්තිවිදින්නේ මීගමුව මහනගර සභාවවත් මීපුර ජනතාවත් නොව දේශපාලන පවුල්වල ඥාතින් සහ හිතවතුන් පිරිසක් බව වාර්ථා වේ.
මේ සම්බන්ධයෙන් එක් පැහැදිලි උදාහරණයක් පමණක් මතු කරන්නේ නම් ඒ කොටුව පිට්ටනිය අසල වු මාළු ලෙල්ලමය.
ජපන් ආධාර යටතේ සංවර්ධනය කෙරුන ලෙල්ලෙමේ පාලනය සහ එහි අදායම අයත්විය යුත්තේ මීගමුව මහනගර සභාවටය.මහනගර සභාවකින් පිට පොළක් පවත්වාගෙන යෑම කිසිවෙකුටත් අයිතියක් නැත.
එහෙත් මීගමුවේ දේශපාලන බලඅධිකාරිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වෙරළ තිරය ලංකාවේ පළමු වතාවට වෙනත් ආයතනයක භාරකාරිත්වයට පමුණුවා ඇත්තේ ඇමති නිමල් ලංසා විසිනි.
කිසිදු නිතිමය හෝ වෙනත් පදනමකින් තොරව තනිකරම දේශපාලන සහ ඥාති සංග්‍රහය මත පමණක් පදනම්ව වැල්ලවිදිය පල්ලියට මීගමුව වැල්ලේ අයිතිය පවරා දි තිබුණි.
පල්ලිය විසින් එය වසරින් වසර ටෙන්ඩර ලබා දි මුදල් ගනි.
මේ අනුව රු කෝටි ගණනක ආයෝජනයෙන් සංවර්ධනය කෙරුණ මීගමුව ලෙල්ලම මේ අනුව වසර 5 5 ක් දක්වා කාලයකට වැල්ලවිදිය පල්ලියෙන් ටෙන්ඩරය ගන්නට වාසානාවන්ත වි ඇත්තේ ඇමති නිමල් ලංසාගේ පියා බව අද නොදන්නේ අභිනවයෙන් පත්වු පාප්තුමන් පමණි.
මීගමුවට ලැබෙන විදේශාධාරවලට මොකද වෙන්නේ යැයි කියන්නට මේ එක් නිශ්චිත උදාහරණයක් පමණි.
මෙවන් නීතිවිරෝධි ක්‍රියාකාරිත්වයන් පිලිබදව නීතිය ඉදිරියේ අභියෝග කරන්නට නොහැකි ව ඇත්තේ ප්‍රතිපත්ති ගරුක නැති දේශපාලකයන් ගණනාවකින් මීගමුව විපක්ෂය සමන්විතව පැවතිමයි.එහි ඉදිරියෙන්ම සිටින්නේ නීති ලේකම්ය.
ඔහු පෙනි සිටින්නේ මිනිමරුන් බේරාගැනිමට මිස ජනතා විරෝධි දේශපාලකයන්ට අභියෝග කරන්නට නොවේ.