මේ අය අතර දුන්ගාල්පිටි ප්රදේශයේ එකම පවුලේ 5 දෙනෙකුද වේ.මේ පවුලේ පියා පෑලියගොඩ මාළු වෙළද සැල හා සම්බන්ධව ව්යාපාරික කටයුතු කළ අයෙකු බව වාර්ථා වේ.ඊයේ සවස් වරුවේ ලැබුන වාර්ථා වලින් හෙළිව තිබුනේ එකි පවුලේ මව සහ දරුවන් තිදෙනාටද වෛරසය ආසාදනය වි ඇති බවය.
මිගමුව තුල අවදානම් තත්වය තවමත් පහව ගොස් නැති පසුබිමක ලබන සඳුදා ඇඳිරි නීතිය කිසියම් අයුරකින් ලිහිල් වන්නේ නම් එලියට එන යන සියළු දෙනාට ඒ අයගේ මෙන්ම අන් අයගේද ජිවිතවලට විශාල වගකීමක් පැවරි ඇති බව නිරන්තරයෙන්ම සිහිතබාගෙන ඉතා වගකිමෙන් යුතුව කටයුතු කළ යුතුව තිබේ.
මිගමුව තවමත් ඇත්තේ රතු කලාපයක බව කිසිවෙකුත් විසින් අමතක නොකළ යුතුව තිබේ.